Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාවලපිටිය ජයතිලක ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති 62 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට නිලූක කරුණාරත්න සහ තිළිණි හෙන්දහේවා සමත්වූහ.
අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස තම සොහොයුරු දිනූක පරාජය කළ නිලූක, 14 වැනි වරටත් ජාතික තරගාවලියක පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට සමත්විය.
ඉන් නොනැවතුණ ඔහු, සිය බාල සොහොයුරු දිනූක සමග එක්ව පිරිමි යුගල ශූරතාවද, ගයති‍්‍ර හේරත් සමග එක්ව මිශ‍්‍ර යුගල ශූරතාවද දිනාගනිමින් මෙවර තරගාවලියේ ති‍්‍රත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය.
පිරිමි යුගල අවසන් මහ තරගයේදී කරුණාරත්න සෙහොයුරන් හමුවේ රාජිත දහනායක සහ හසිත චානක පරාජයට පත්වූ අතර මිශ‍්‍ර යුගල අවසන් මහ තරගයේදී නිලූක කරුණාරත්න සහ නදීෂා ගයන්ති හමුවේ රාජිත දහනායක සහ අචිනි රත්නසිරි පරාජයට පත්වූහ.
කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට තිළිණි හෙන්දහේවා සමත්වූයේ අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි පරාජය කරමිනි. මෙය ඇය ජාතික තරගාවලියක කේවල ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාවයි.
කාන්තා කේවල තරගයේදී තිළිණි හෙන්දහේවා හමුවේ පරාජයට පත්වූ අචිනි රත්නසිරි, උපුලි සමන්තිකා සමග එක්ව තරග වට 2-0 ක් ලෙස නදීෂා ගයන්ති සහ තිළිණි ජයසිංහ පරාජය කරමින් කාන්තා යුගල ශූරතාව දිනාගත්තාය.
ජාතික බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ මෙම තරගාවලයේදී පිරිමි සහ කාන්තා කේවළ ශූරතා දිනාගත් ජයග‍්‍රාහකයාට සහ ජයග‍්‍රාහිකාවට රුපියල් 60,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණ.
දින 5 ක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 600 ක් පමණ සහභාගී වූහ.
තරග ප‍්‍රතිඵල
කේවල පිරිමි තරගය
නිලූක කරුණාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස දිනූක කරුණාරත්න පරාජය කරන ලදි. (21/16, 21/17)
පිරිමි යුගල තරගය
නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න විසින් තරග වට 2-1 ක් ලෙස රාජිත දහනායක සහ හසිත චානක පරාජය කරන ලදහ. (21/12, 22/24, 21/16)
කාන්තා කේවල තරගය
තිළිණි හෙන්දහේවා විසින් තරග වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි පරාජය කරන ලදි. (21/18, 21/18)
කාන්තා යුගල තරගය
අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා විසින් තරග වට 2-0 ක් ලෙස නදීෂා ගයන්ති සහ තිළිණි ජයසිංහ පරාජය කරන ලදහ. (21/10, 21/11)
මිශ‍්‍ර යුගල තරගය
නිලූක කරුණාරත්න සහ ගයති‍්‍ර හේරත් විසින් තරග වට 2-0 ක් ලෙස රාජිත දහනායක සහ අචිනි රත්නසිරි පරාජය කරන ලදහ. (21/11, 21/10)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.