Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner බැඩ්මින්ටන් අර්බුදය විසඳන්න විශේෂ රැස්වීමක්

බැඩ්මින්ටන් අර්බුදය විසඳන්න විශේෂ රැස්වීමක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයට පනවා තිබෙන ජාත්‍යන්තර තහනම ඉවත් කරවා ගැනීමට ඉදිරියේදී ගත යුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡුා කිරීම සඳහා ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් පරිදි මෙම 30 වැනිදා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් කැඳවා තිබේ.

මේ විශේෂ මහසභා රැස්වීම එදින පස්වරු 5.00ට මෙට්ලන්ඞ් පෙදෙසේ බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. මෙම විශේෂ මහසභා රැුස්වීමට සහභාගිවීම සඳහා මේ වන විට විරසකව සිටින සම්මේලනයේ ප‍්‍රධාන පාර්ශව දෙකම කැමැත්ත පළකර සිටි බව ”ලංකාදීප”ය කළ විමසුමකදී ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පසුගිය ජූලි 22 වැනිදා සිට අන්තර් ජාතික බැඞ්මින්ටන් සංගමය ශ්‍රී ලංකාවට තහනමක් පනවා තිබේ. මෙම තහනම නිසා ශ්‍රී ලංකාවට මේ වනවිට ජාත්‍යන්තර තරගවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී ගොස් තිබේ.

බැඞ්මින්ටන් පරිපාලනයේ පාර්ශව දෙකක් අතර පවතින ආරවුල් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ දැන් පවතින අර්බුදකාරි තත්ත්වයට හේතුවී තිබිණ.

පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදා පැවති බැඞ්මින්ටන් සංගමයේ විශේෂ මහ සභා රැස්වීමකදී එහි සංශෝධිත ව්‍යවස්ථාව සඳහා ඒකමතික අනුමැතිය ලබා ගත් බව සංගමයේ සභාපති සුරාජ් දන්දෙනිය මහතා කියයි.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලද්දේ අන්තර් ජාතික බැඞ්මින්ටන් සම්මේලනය එසේ කරන්නයි උපදෙස් දී තිබූ හෙයිනි. එහෙත් එය අන්තර් ජාතික සංගමයේ ව්‍යවස්තාවට ගැලපෙන පරිදි නැවත සකස් කළ යුතු බවට අන්තර් ජාතික බැඞ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකාවට නියම කර තිබුණි.

කෙසේ වුවත් පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදා විශේෂ මහ සභාවේදී සම්මත කළ බව කියන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නව ව්‍යවස්ථාවට එරෙහිව බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය අන්තර් ජාතික බැඞ්මින්ටන් සංගමය කරුණු ඉදිරිපත් කර තිබිණ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ නව බැඞ්මින්ටන් ව්‍යවස්ථාව පිළිගැනීම අන්තර් ජාතික බැඞ්මින්ටන් සංගමය විසින් අත්හිටුවූ බවද වාර්තාවේ.

එයින් පසු ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් සංගමයේ නව ව්‍යවස්ථාවේ ඇතුළත් ඇතැම් කරුණු ජාත්‍යන්තර බැඞ්මින්ටන් නියමයන්ට පටහැනි බව ප‍්‍රකාශ කරමින් පසුගිය ජූලි 22 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමටද අන්තර් ජාතික බැඞ්මින්ටන් සම්මේලනය කටයුතු කළේය.

මේ අතර ක‍්‍රීඩා ඇමතිවරයා ලෙස පත්වූ දයාසිරි ජයසේකර මහතා ”ලංකාදීප”යට පැවසුවේ 30 වැනිදා පැවැත්වෙන විශේෂ මහසභා රැුස්වීමේදී දැනට පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට විරසකව සිටින පාර්ශව එකඟතාවය පළකර සිටි බවයි.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය හා බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ සභාපති මහාචාර්ය රංජිත් ද සිල්වා යන මහත්වරු එහිදී ඒ සඳහා කැමැත්ත පළකර සිටි බවත් ක‍්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩාවේ හොඳ නම ජාත්‍යන්තර වශයෙන් නැවතත් ස්ථාපිත කර ගැනීම සඳහා මේ වන විට ති‍්‍රපුද්ගල කමිටුවක් ද පත්කර තිබේ.

බැඞ්මින්ටන් ප‍්‍රවීනයන් වන රොහාන් ද සිල්වා (සභාපති), අජිත් විජේසිංහ හා පාලිත හෙට්ටිආරච්චි යන මහත්වරු එම කමිටුවේ කටයුතු කරති. එම කමිටුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ඊයේ රැුස්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ අනුබද්ධ සංගම් 13න් වෙළඳසේවා සංගමය හැරෙන්නට සෙසු සංගම් පසුගිය 2014 නොවැම්බර් 25 වැනිදා පැවති නව ව්‍යවස්ථාව අනුමත කිරීමේ විශේෂ මහ සභාවට සහභාගි වූ බව බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා පවසයි.

 

 


●●●


අදහස් (0)

බැඩ්මින්ටන් අර්බුදය විසඳන්න විශේෂ රැස්වීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.