Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner බැඩ්මින්ටන් සංගමය යළිත් සුරාජ්ටම

බැඩ්මින්ටන් සංගමය යළිත් සුරාජ්ටම

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්තානයේදී අද (5 වැනිදා) පැවැති බැඞ්මින්ටන් සංගමයේ නිලවරණයේදී සභාපති ධූරය සඳහා සුරාජ් දන්දෙණිය මහතා යළිත් වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

සුරාජ් දන්දෙණිය මහතා ඡන්ද 46 න් 34 ක් ලබාගත් අතර සභාපති ධූරය සඳහා ඉදිරිපත්වී සිටි අනෙක් අපේක්ෂකයා වූ මහාචාර්ය රංජිත් සිල්වා මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 12 ක් පමණි.

අමල් ඩයස් මහතා වැඩි ඡන්ද 22 කින් සම්මේලනයේ ලේකම් ධූරය සඳහා තේරි පත්විය. ඔහු ඡන්ද 34 ක් ලබාගනිද්දී ලේකම් ධූරය සඳහා තරග වැදුණ අනෙක් අපේක්ෂකයා වූ නිෂාන් ජයසිංහ මහතාට හිමිවූයේ ඡන්ද 12 ක් පමණි.

භාණ්ඩාගාරික ධූරය සඳහා රුවන් ගාල්ලගේ මහතා නිතරගයෙන් පත් වූ අතර කාන්ති බටුවත්ත මහත්මිය සහ සංදීප් රත්නායක මහතා උප ලේකම් ධූර 2 සඳහාද, එන්. ප‍්‍රසාද් මහතා උප භාණ්ඩාගාරික ධූරය සඳහාද තේරී පත්වූහ.

චාමර අලූත්ගේ, පුලිත හෙට්ටිආරච්චි, පරාක‍්‍රම බස්නායක, බුද්ධික සිල්වා, ජීවන් ජයතිලක, උපාලි තෙන්නකෝන් සහ ලක්ෂ්මි ලියනගේ යන මහත්ම මහත්මීහු උප සභාපති ධූර 6 සඳහා තේරී පත්වූහ.

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය (2015-2017)

සභාපති - සුරාජ් දන්දෙණිය මහතා
ලේකම් - අමල් ඩයස් මහතා
උප සභාපතිවරු - චාමර අලූත්ගේ මහතා, පුලිත හෙට්ටිආරච්චි මහතා, පරාක‍්‍රම බස්නායක මහතා, බුද්ධික සිල්වා මහතා, ජීවන් ජයතිලක මහතා, උපාලි තෙන්නකෝන් මහතා, ලක්ෂ්මි ලියනගේ මහත්මිය
උප ලේකම් - කාන්ති බටුවත්ත මහත්මිය සහ සංදීප් රත්නායක මහතා  
භාණ්ඩාගාරික - රුවන් ගාල්ලගේ මහතා
උප භාණ්ඩාගාරික - එන්. ප‍්‍රසාද් මහතා

 

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

බැඩ්මින්ටන් සංගමය යළිත් සුරාජ්ටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.