Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (5 වැනිදා) පැවැති බැඞ්මින්ටන් සංගමයේ නිලවරණයේදී සභාපති ධූරය සඳහා නිශාන්ත ජයසිංහ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
මෙවර නිලවරණයේදී සභාපති ධූරය සඳහා නිශාන්ත ජයසිංහ, රොෂාන් ගුණවර්ධන, පරාක්‍රම බස්නායක, ප්‍රින්ස්ලි කුක්, පාලිත හෙට්ටිආරච්චි සහ රොහාන් ද සිල්වා යන මහත්වරු තරග වැදීමට සූදානමින් සිටියහ.
කෙසේ වුවත් නිලවරණය පැවැත්වීමට පෙර පරාක්‍රම බස්නායක, ප්‍රින්ස්ලි කුක්, පාලිත හෙට්ටිආරච්චි සහ රොහාන් ද සිල්වා යන මහත්වරු ඉල්ලා අස්වීම නිසා නිෂාන්ත ජයසිංහ මහතා සහ රොෂාන් ගුණවර්ධන මහතා අතර සභාපති ධූරය සඳහා ද්වන්ද සටනක් නිර්මාණය විය.
එහිදී නිෂාන්ත ජයසිංහ මහතා ඡන්ද 45 න් 33 ක් ලබාගනිමින් සභාපති ධූරය සඳහා තේරී පත් වූ අතර ඔහු සමගින් තරග වැදුණ රොෂාන් ගුණවර්ධන මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 12 ක් පමණි.
ලේකම් ධූරය සඳහා ඉදිරිපත්ව සිටි සෙසු තරගකරුවන් අවසන් මොහොතේදී සිය නාම යෝජනා ඉල්ලා අස්කරගැනීමත් සමගින් සංගමයේ නව ලේකම්වරයා ලෙස ක්ලැරන්ස් හෝමර් මහතා නිතරගයෙන් පත් විය.
සංගමයේ උප සභාපති ධූර 7 සඳහා නාම යෝජනා 17 ක් ඉදිරිපත් වී තිබුණද, ඉන් 6 දෙනෙක් ඉල්ලා අස්වූහ.
ඉතිරි 11 දෙනා අතර ඡන්දයක් පවත්වා උප සභාපතිවරු තෝරාගැනිණ. චාමර අලුත්ගේ, රොහාන් ද සිල්වා, ජීවන් ප්‍රසාද් ජයතිලක, මොහාන් විජේසිංහ, දුමින්ද ජයකොඩි, චාමර පෙරේරා සහ හර්ෂ හියරපිටිය යන මහත්වරු එම උප සභාපති ධූර 7 සඳහා තේරී පත් වූහ.
ක්‍රීඩා පනතේ නව නීති රෙගුලාසි වලට අනුව ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ සභාපති ඕෂධ පණ්ඩිතරත්න මහතාටද උප සභාපති ධුරයක් පිරිනැමීමට නිලවරණය මෙහෙයවූ නිලවරණ කමිටුව පියවර ගත්තේය. ඒ අනුව බැඞ්මින්ටන් සංගමයේ උප සභාපතිවරු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගියේය.
භාණ්ඩාගාරික ධූරය සහ උප ලේකම් ධූර දෙක සඳහා ඡන්දයක් නොපැවැත්වුණ අතර ජී. ජී. මාලිංග මහතා භාණ්ඩාගාරික ලෙසද, එච්. ඩබ්ලිව් කුමාර සහ තිලක් ජයසිරි යන මහත්වරු උප ලේකම්වරුද ලෙසද නිතරගයෙන් පත් වූහ.
උප භාණ්ඩාගාරික ධූරය වෙනුවෙන් කැලුම් කැටිපෙආරච්චි මහතා සහ අලියාර් ෆයසිර් මහතා අතර ඡන්දයක් පැවැති අතර ඉන් ජයගත් කැලුම් කැටිපෙආරච්චි මහතා සංගමයේ නව උප භාණ්ඩාගාරිකවරයා ලෙස තේරී පත් විය.
ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ සුදුසුකම්ලත් විනිසුරුවරයෙක් වන රෝහණ ද සිල්වා, ප්‍රවීණ නිතීඥ නන්දන පෙරේරා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති චන්දන පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත වූ කමිටුවක අධීක්ෂණය යටතේ මෙම නිලවරණය පැවැත්විණ.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය
■ සභාපති - නිශාන්ත ජයසිංහ මහතා
■ ලේකම් - ක්ලැරන්ස් හෝමර් මහතා
■ උප සභාපතිවරු - චාමර අලුත්ගේ මහතා, රොහාන් ද සිල්වා මහතා, ජීවන් ප්‍රසාද් ජයතිලක මහතා, මොහාන් විජේසිංහ මහතා, දුමින්ද ජයකොඩි මහතා, චාමර පෙරේරා මහතා සහ හර්ෂ හියරපිටිය මහතා
■ උප ලේකම් - එච්. ඩබ්ලිව් කුමාර මහතා සහ තිලක් ජයසිරි මහතා
■ භාණ්ඩාගාරික - ජී. ජී. මාලිංග මහතා
■ උප භාණ්ඩාගාරික - කැලුම් කැටපේආරච්චි මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.