Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියේ ඊයේ (8 වැනිදා) රාත්‍රියේ පැවැති බාලක සහ බාලිකා කේවල දෙවැනි වටයේ තරග වලදී ජයග්‍රහණ අත්කරගනිමින් තෙවැනි වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ රන්තුෂ්ක සසිඳු, මධුක දුලාංජන සහ බුත්මි ගලගමගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
|
බාලක කේවල දෙවැනි වටයේ තරග වලදී චීන තායිපේහි චෙන් සින් යුවාන්ට එරෙහිව වට 2-0 ක ජයක් අත්කරගනිමින් රන්තුෂ්ක සසිඳු තෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. මධුක දුලාංජන තෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ පේරු රාජ්‍යයේ බෘනෝ බරුඒටෝ වට 2-1 ක් ලෙස පරාජය කරමිනි.
අද (9 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි වටයේ තරග වලදී නොර්වේහි මාර්කස් බර්ත්ට එරෙහිව තරග වැදීමට රන්තුෂ්ක සසිඳු සූදානමින් සිටි අතර ස්කොට්ලන්තයේ ක්‍රිස්ටෝපර් ග්‍රිම්ලිට එරෙහිව තරග වැදීමට මධුක දුලාංජන සූදානමින් සිටියේය.
බාලිකා කේවල දෙවැනි වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස ඉතාලියේ සිල්වියා ගරීනෝ පරාජය කරමින් බුත්මි ගලගමගේ තෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී ඇගේ ප්‍රතිවාදි ක්‍රීඩිකාව වූයේ ජපානයේ අසුකා තකහාෂිය. එම තරගයද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණ.
බාලිකා කේවල ඉසව්ව සඳහා සභාභගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වූ ඉනුරි කුරුප්පු සහ හසාරා විජේරත්න දෙවැනි වටයේ තරග වලදී හොං කොංහි ලෙයුන්ග් යුඑට් යී සහ ස්ලෝවේනියාවේ එමා සිසෙල්ජ් හමුවේ පරාජයට පත්වූහ. මිශ්‍ර යුගළ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් 3 ම දෙවැනි වටයේදී ප්‍රංශ, ඕස්ට්‍රේලියා සහ චෙක් ජනරජ කණ්ඩායම් හමුවේ පරාජයට පත් වීම නිසා තරගාවලියෙන් ඉවතට විසි විය.
|
බාලක යුගළ පළමු වටයේ තරගයකදී චෙක් ජනරජයේ ඔන්ඩ්‍රේජ් ක්රාල් සහ ජෑන් සොමෙර්ලික් හමුවේ වට 2-1 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් කසුන් අමරසේනට සහ උමිඳු ලියනගේට එම ඉසව්වෙන් ඉවත්වීමට සිදුවිය.
බාලිකා යුගළ පළමු වටයේ තරගයකදී ඉන්දියාවේ මහීමා අගර්වාල්ට සහ ශිඛා ගෞතම්ට එරෙහිව තරග වැදුණ ලසංගා හෙට්ටිආරච්චිට සහ ඉනුරි කුරුප්පුටද එම ඉරණමම අත්වූ අතර එම තරගයෙන් ඔවුන්ට වට 2-0 ක පරාජයක් අත්විය.
බාලක කේවල දෙවැනි වටය
■ රන්තුෂ්ක සසිඳු විසින් තරග වට 2-0 ක් ලෙස චෙන් සින් යුවාන් (චීන තායිපේ) පරාජය කරන ලදි. (21/8, 21/18)
■ මධුක දුලාංජන විසින් තරග වට 2-1 ක් ලෙස බෘනෝ බරුඒටෝ (පේරු රාජ්‍ය) පරාජය කරන ලදි. (13/21, 21/16, 21/11)
බාලිකා කේවල දෙවැනි වටය
■ බුත්මි ගලගමගේ විසින් තරග වට 2-1 ක් ලෙස සිල්වියා ගරීනෝ (ඉතාලිය) පරාජය කරන ලදි. (21/15, 20/22, 21/09)
■ ලෙයුන්ග් යුඑට් යී (හොං කොං) විසින් තරග වට 2-0 ක් ලෙස ඉනුරි කුරුප්පු පරාජය කරන ලදි. (21/14, 21/06)
■ එමා සිසෙල්ජ් (ස්ලෝවේනියාව) විසින් තරග වට 2-0 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කරන ලදි. (21/13, 21/17)
මිශ්‍ර යුගළ දෙවැනි වටය
■ එලෝයි ඇඩම් සහ විමලා හෙරියාව් (ප්‍රංශය) විසින් තරග වට 2-0 ක් ලෙස මොහොමඞ් ශාදීර් සහ ලසංගා හෙට්ටිආරච්චි පරාජය කරන ලදහ. (21/13, 21/10)
■ ජෙකෝබ් ස්චුයේලර් සහ ටිෆානි හෝ (ඕස්ටේ්‍රලියාව) විසින් තරග වට 2-0 ක් ලෙස තෙවින් රාහුබද්ද සහ කවිෂ්කා ගුණරත්න පරාජය කරන ලදහ. (21/13, 21/18)
■ ඔන්ඩ්‍රේජ් ක්රාල් සහ මොනිකා ස්වෙට්නිකෝවා (චෙක් ජනරජය) විසින් තරග වට 2-0 ක් ලෙස තිළිණ ගෝනපීනුවල සහ හසාරා විජේරත්න පරාජය කරන ලදහ. (21/08, 21/06)
බාලක යුගළ පළමු වටය
■ ඔන්ඩ්‍රේජ් ක්රාල් සහ ජෑන් සොමෙර්ලික් (චෙක් ජනරජය) විසින් තරග වට 2-1 ක් ලෙස කසුන් අමරසේන සහ උමිඳු ලියනගේ පරාජය කරන ලදහ. (21/17, 19/21, 21/19)
බාලිකා යුගළ පළමු වටය
■ මහීමා අගර්වාල් සහ ශිඛා ගෞතම් (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස ලසංගා හෙට්ටිආරච්චි සහ ඉනුරි කුරුප්පු පරාජය කරන ලදහ. (21/07, 21/16)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.