Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner වගන්ති 10 ම වෙනස් කරන්න ඕනෑ - හේමසිරි

වගන්ති 10 ම වෙනස් කරන්න ඕනෑ - හේමසිරි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කී‍්‍රඩා  පනතේ රෙගුලාසි සම්බන්ධයෙන්, පැන නැගී තිබෙන අර්බුදය විසඳා ගැනීමට  වත්මන් කී‍්‍රඩා ඇමැතිවරයා ප‍්‍රමාණවත් සහයෝගයක් දීම සතුටට කරුණක් බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔලිම්පික් නිවසේ පැවැති එම මාධ්‍ය හමුවේදී ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ඇතැම් ජාතික කී‍්‍රඩා සංගම් නිලධාරීන් තනතුරු දැරීමට සීමා පනවා තිබෙන වගන්තිය පමණක් වෙනස් කර ගැනීමට උනන්දුවී සිටියත් ජාතික ඔලිම්පික් කමිටුවේ උත්සහය වන්නේ මතභේදයට තුඩුදුන් වගන්ති 10 ම වෙනස්කර ගැනීම බවත් ඒ සඳහා කමිටුව ඉදිරියටත් කැපවීම් කරන බවත්ය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා මෙසේද පැවසීය.

”වත්මන් කී‍්‍රඩා ඇමැතිවරයා පත්ව ඔලිම්පික් කමිටුව එක්ක පැවති පළමු සාකච්ඡුාවට වාඩි වුණේ ‘රටේ නීතිය වෙනස්කරන්න බෑ’ යයි කියමින්”

”ඒ නිසාම එදාම මා තීරණයක් ගත්තා මේ කී‍්‍රඩා ඇමැති එක්ක මේ ගැන කතා කරන්න මා නැවත එන්නේ නෑ කියලා. රටේ නීතිය ගැන විතරක් හිතුවොත් මේ ප‍්‍රශ්නය කවදාවත් විසඳන්න බෑ”

”නමුත් මේ ගැන කරුණු පැහැදිලි කරනවිට වත්මන් කී‍්‍රඩා ඇමැතිවරයා වඩාත් නම්‍යශීලි වුණා. දැන් අපි විශ්වාස කරනවා මේ ප‍්‍රශ්නය වත්මන් කී‍්‍රඩා ඇමැතිවරයා විසඳයි කියලා” යයිද හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි සති දෙකක් වැනි කාලයක් තුළදී මෙම ප‍්‍රශ්නය විසඳී අවසන් වන බවයි.

”හැබැයි මෙම වගන්ති වෙනස් වුණොත් ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ නැවත පැවැත්විය යුතු යයි මා විශ්වාස කරනවා. නමුත් ඒක කළ යුත්තේ කී‍්‍රඩා ඇමැතිවරයා මිසක් ඔලිම්පික් කමිටුව නොවෙයි.”

”ඒත් කණගාටුවට කාරණය මේකයි. ජාතික කී‍්‍රඩා සංගම්වලින් හතක් වගේ තමයි අපේ උපදෙස් පිළිපදමින් මේ ප‍්‍රශ්නය විසදා ගන්න සහයෝගය දෙන්නෙ. එදා මේ ප‍්‍රශ්නය හරිහැටි තේරුම්  නොගත් පිරිසක් ඔලිම්පික් කමිටුවට එරෙහිව ව්‍යාපාරයක් ගෙන ගියා.”

”ඔවුන් තමයි හිටපු කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ දෑත ශක්තිමත් කරන්න කියලා ළංවෙලා ඔහු මේ ප‍්‍රශ්නයේදී ඔහුව අමාරුවෙ දැම්මෙ.

නමුත් හිටපු ඇමැතිවරයා වැඩ කරන්න දක්‍ෂයෙක් බව අපි පිළිගන්නවා”
”කී‍්‍රඩා පනතේ වගන්ති වෙනස් කිරීමෙන් පස්සේ එය නීතියක් බවට පත්වෙන්නෙ ගැසට් නිවේදනයකින් මගින් එය ප‍්‍රකාශයට පත්කළාමයි. ඒත් ඊට කලින් ඒ කෙටුම්පත නීතිපතිවරයා අනුමත කළ යුතුයි. අනතුරුව කැබිනට් මණ්ඩලයත් එය අනුමත කළ යුතුයි. ඒකට සෑහෙන කාලයක් ගත විය හැකියි” යයිද ඔලිම්පික් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය හමුව ඇමතූ අයුරු. එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඡුායාරූපයේ සටී. ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී පැවැති මෙම කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවට ජාතික ඔලිම්පික් කමිටුවේ උප ලේකම් ගාමිණී ජයසිංහ මහතාද සහභාගි විය.

 

ඡායාරූපය - ඉසුරු පෙරේරා


අදහස් (0)

වගන්ති 10 ම වෙනස් කරන්න ඕනෑ - හේමසිරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.