Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner ශ්‍රී ලංකාවට දකුණු ආසියානු පදක්කම් 5 ක්

ශ්‍රී ලංකාවට දකුණු ආසියානු පදක්කම් 5 ක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති වයස 21 න් පහළ දකුණු ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියේදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉන් රිදී පදක්කම් 2 සහ ලෝකඩ පදක්කම් 2 ක් කේවල ඉසව්වලදී හිමි වූ අතර සෙසු ලෝකඩ පදක්කම හිමිවූයේ කණ්ඩායම් ඉසව්වෙනි.

එහිදී ඉහළ දස්කම් දැක්වීමට රන්තුෂ්ක සසිඳු සමත් වූයේ ශ්‍රී ලංකාවට හිමි වූ රිදී පදක්කම් දෙකම තමන් සතුකර ගනිමිනි. පිරිමි කේවල සහ මිශ්‍ර යුගල ඉසව්වල අවසන් මහ තරග දෙකට සුදුසුකම් ලැබීමට රන්ෂ්ක සමත් වුවද, අවසන් මහ තරගවලදී පරාජයට පත්වීම නිසා ඔහුට රිදී පදකක්ම්වලින් සෑහීමකට පත්වීමට සිදුවිය.

පිරිමි කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී ඉන්දියාවේ ප්‍රියන්ෂු රාජාවත් හමුවේ වට 2-1 ක් ලෙස (16/21, 21/17, 21/16) පරාජයට වූ රන්තුෂ්ක, මිශ්‍ර යුගල ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස (21/10, 21/16) ඉන්දියාවේ විෂ්නුවර්ධන් ගෞඞ් සහ ටැනීෂා ක්‍රාස්ටෝ හමුවේ පරාජයට පත්විය. ඩිල්මි ඩයස් එහිදී රන්තුෂ්කගේ සහයාක ක්‍රීඩාකාව ලෙස කටයුතු කළාය.

ආජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් තරගාවලියේදී මිශ්‍ර ජාත්‍යන්තර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනාගත් හසිනි අම්බලන්ගොඩ, මෙම තරගාවලියේදී කාන්තා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය. එහෙත් එහිදී ඉන්දියාවේ පූර්වා බූර්වි හමුවේ වට 2-1 ක් ලෙස (21/19, 9/21, 21/10) පරාජය වීම නිසා ඩිල්මිට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවූවාය.

පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ චරිත් ඉලේපෙරුම සහ චමත් ඩයස්ද එම ඉසව්වේ ලෝකඩ පදක්කමකට හිමිකම් කීහ. මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ බංග්ලාදේශ යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.

රන්තුෂ්ක රසිඳු, චරිත් ඉලේපෙරුම, චමත් ඩයස්, දුමින්ද, අබේවික්‍රම, විරේන් නෙත්තසිංහ, ඩිල්මි ඩයස්, හසිනි අම්බලන්ගොඩ සහ හසාරා විජේරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියොජ්නය කළහ. ධනුෂ්ක නිලංග මහතා පුහුණුකරු ලෙසත්, කේ.ජී.අයි. උපේන්ද්‍ර මහතා කළමනාකරු ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියහ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට දකුණු ආසියානු පදක්කම් 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.