Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් (කණ්ඩායම්) ශූරතාවලියේදී බල්ගේරියාවට සහ පේරු රාජ්‍යයට එරෙහිව ඊයේ (5 වැනිදා) පැවැති තරග වලදී පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 36 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
බල්ගේරියාවට එරෙහිව පැවැති තරගයේ බාලිකා කේවල තරගය ජයගැනීමට බුත්මි ගලගමගේ සමත් වුවත්, බාලක කේවල, බාලක යුගළ සහ මිශ්‍ර යුගළ තරග පරාජය වීම හේතුවෙන් එම තරගයෙන් ශ්‍රී ලංකාවට තරග 3-1 ක පරාජයක් අත්විය. එම තරගයෙන් පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ 33 වැනි හෝ 34 වැනි ස්ථාන කරා යෑමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට 35 වැනි හෝ 36 වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී පේරු රාජ්‍යයට එරෙහිව තරග වැදීමට සිදුවිය. එහිදී කිසිදු තරගයක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූ අතර ඉන් තරග 3-0 ක පරාජයක් අත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ 36 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.
පේරු රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව බාලක කේවල, බාලිකා කේවල සහ බාලක යුගළ තරග පරාජයට පත්විය. එහිදී බාලිකා කේවල තරගයේ එක් වටයක් ජයගැනීමට හසාරා විජේරත්න සමත් වූ අතර බාලක යුගළ තරගයේ එක් වටයක් ජයගැනීමට කසුන් අමසේන සහ රන්තුෂ්ක සසිඳු සමත් වූහ.
කණ්ඩායම් තරග ප්‍රතිඵල
බල්ගේරියාව විසින් තරග 3-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
■ බාලක කේවල තරගයේදී දිමිතාර් විසින් තරග වට 2-0 ක් ලෙස රන්තුෂ්ක සසිඳු පරාජය කරන ලදි. (21/14, 21/13)
■ බාලිකා කේවල තරගයේදී බුත්මි ගලගමගේ විසින් තරග වට 2-1 ක් ලෙස මිහයාලා නයිචේවා පරාජය කරන ලදි. (16/21, 21/19, 21/14)
■ බාලක යුගළ තරගයේදී ඉවාන් පනේව් සහ ඩැනියෙල් නිකොලොව් විසින් තරග වට 2-0 ක් ලෙස කසුන් අමසේන සහ උමුදු ලියනගේ පරාජය කරන ලදහ. (21/15, 21/09)
■ මිශ්‍ර යුගළ තරගයේදී ඩැනියෙල් නිකොලොව් සහ මාරියා ඩෙල්චේවා විසින් තරග වට 2-0 ක් ලෙස මධුක දුලංජන සහ නයනතාරා ටෙෂානි පරාජය කරන ලදහ. (21/13, 21/14)
පේරු රාජ්‍ය විසින් තරග 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
■ බාලක කේවල තරගයේදී ඩියේගෝ මිනි විසින් තරග වට 2-1 ක් ලෙස ශාමික හසරංග පරාජය කරන ලදි. (21/19, 21/12)
■ බාලිකා කේවල තරගයේදී සපොනාරා රිවා විසින් තරග වට 2-1 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කරන ලදි. (21/14, 18/21, 21/14)
■ බාලක යුගළ තරගයේදී ජෝස් ගුවේවාරා සහ බෘනෝ බරුයේටෝ විසින් තරග වට 2-1 ක් ලෙස කසුන් අමසේන සහ රන්තුෂ්ක සසිඳු පරාජය කරන ලදහ. (21/18, 14/21, 21/14)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.