Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අද (2 වැනිදා) ආරම්භ වූ යොනෙක්ස් සන්රයිස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (4 වැනි කාණ්ඩයේ) බැඞ්මින්ටන් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග වලින් ජය ලැබූ නිම්මික තිසර, දිලූක කරුණාරත්න, ලේඛා ෂෙහානි, අචිනි රත්නසිරි සහ කාවින්දිකා බිනුරි යන ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ එහි මූලික වටයේ තරග වලට සහභාගී වීමේ අවස්ථාව උදාකරගත්හ.
ඔවුන්ට අමතරව සචින් ඩයස් සහ ඕෂදී කුරුප්පුද නිතරග ජය ලබමින් තරගාවලියේ මූලික වටයට සුදුසුකම් ලබාගත්හ.
නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න තරගාවලිය ආරම්භ වීමටත් පෙර සිටම මූලික වටයට සුදුසුකම් ලබා සිටි බැවින් ඔවුන් දෙදෙනාද සමග මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මූලික වටයට සුදුසුකම් ලබා සිටින මුඵ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගණන 9 කි.
සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග වලදී ශ්‍රී ලංකා කී‍්‍රඩක ඔසද ද සිල්වා තරග වට 2-1 ලෙස පරාජය කරමින් නිම්මික තිසර මූලික වටයට සුදුසුකම් ලබාගත් අතර දිලූක කරුණාරත්න මූලික වටයට සුදුසුකම් ලබාගත්තේද තියුණු තරගයකින් අනතුරුව තරග වට 2-1 ලෙස ශ්‍රී ලංකා කී‍්‍රඩක ඉමේෂ් හසරංග පරාජය කරමිනි.
තරග වට 2-1 ක් ලෙස තායිලන්ත කී‍්‍රඩිකා ටසමන් සංග්කවටන පරාජය කරමින් අචිනි රත්නසිරි මූලික වටයට සුදුසුකම් ලබාගත් අතර තරග වට 2-1 ක් ලෙස තවත් තායිලන්ත කී‍්‍රඩිකාවක් වූ කුන්ජිරා කෝන්ඩි පරාජය කරමින් ලේඛා ෂෙහානි මූලික වටයට සුදුසුකම් ලබාගත්තාය.
ඉකුත් වසරේ පැවැති ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ ශූරිය බවට පත්වූ තිළිණි හෙන්දහේවා මෙම තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයෙන්ම ඉවතට විසිවීම මෙහිදී කැපීපෙන සිදුවීමක් විය.
ඉන්දියාවේ නේහා පණ්ඩිත් සහ තිළිණ අතර පැවැති තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. පළමු වටය ලකුණු 23-21 ලෙස ජයගැනීමට තිළිණි සමත් වුවත් ඉතිරි වට දෙක 21-18 සහ 21-7 ලෙස පරාජයට පත්වීම නිසා ඇයට තරගාවලියේ මූලික වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය.
ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන් සහභාගී වූ පිරිමි කේවල සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග වල ප‍්‍රතිඵල
ශ්රී ලංකා කී‍්‍රඩිකාවන් සහභාගී වූ කාන්තා කේවල සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග වල ප‍්‍රතිඵල
ඡායාරුප - ලහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.