Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner ඉන්දියානු කණ්ඩායම බලය පෙන්වයි

ඉන්දියානු කණ්ඩායම බලය පෙන්වයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණු ආසියාතික රටවල් අතුරින් බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ ප‍්‍රබලයා වන ඉන්දියාව, නැවත වරක් ඒ බව තහවුරු කරමින් කොළඹදී පැවැති ‘යොනෙක්ස් - සන්රයිස් බැඞ්මින්ටන් තරගාවලියේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් 2 බැගින් දිනාගැනීමට සමත් විය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ IV වැනි කාණ්ඩයේ තරගාවලියක් වූ මෙම තරගාවලියට රටවල් 23 කින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 200 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ.

පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්වූ තායිලන්තය රන් සහ ලෝකඩ පදක්කම් 2 බැගින් දිනාගත් අතර එහි තෙවැනි ස්ථානයට පත්වූ මැලේසියාව රන් සහ රිදී පදක්කම බැගින්ද, ලෝකඩ පදක්කම් 3 ක්ද දිනාගත්තේය.

අන්තර්ජාතික බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් වල පළමු 50 දෙනා අතර ඉන්දීය කී‍්‍රඩකයන් 6 දෙනෙක් රැදී සිටින අතර ඉන් 42 වැනි ස්ථානයේ පසුවන සායි ප‍්‍රනීත්, මෙම තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ පහසු තරගයකින් අනතුරුව වට 2-0 ක් ලෙස තවත් ඉන්දියානු කී‍්‍රඩකයකු වන සමීර් වර්මා පරාජය කරමිනි. ඒ අනුව එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම ඉන්දියාව සතුවිය.

කාන්තා කේවල ඉසව්වේ අවසන් තරගයෙදී ලෝක ශ්‍රේණිගත කිරීම් වල 43 වැනි ස්ථානයේ පසුවන ස්විට්සර්ලන්තයේ සබි‍්‍රනා ජැක් හමුවේ වට 2-1 ක් ලෙස පෙරළිකාර ජයක් වාර්තා කරමින් එහි රන් පදක්කම දිනාගැනීමට තායිලන්තයේ සුපනීඩා කෙට්තොංග් සමත්වූවාය. සුපනීඩා කෙට්තොංග් ලෝක ශ්‍රේණිගත කිරීම් වල 87 වැනි ස්ථානයේ පසුවන්නීය.

එම තරගයේ පළමු වටයේ ජයගැනීමට සබි‍්‍රනා ජැක් සමත් වූ අතර දෙවැනි වටය ජයගැනීමට සුපනීඩා කෙට්තොංග් සමත් වීමත් සමග තරගය 1-1 ලෙස සම තත්ත්වයට පත්විය. දෙදෙනාටම තීර්ණාත්මක වූ තෙවැනි වටයේ ලකුණු තත්ත්වය 12/6 ලෙස සුපනීඩා කෙට්තොංග් පෙරමුණ ගෙන සිටියදී සබි‍්‍රනා ජැක් ආබාධයකට ලක්වීම නිසා තරගයෙන් ඉවත් වීමෙන් එහි ජය සුපනීඩා කෙට්තොංග්ට හිමිවිය.

මැලේසියාවේ කා මිංග් චෝයි සහ යාවෝ හන් ඕව් පරාජය කරමින් පිරිමි යුගළ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට මැලේසියාවේ කියේන් කියේට් කෝ සහ බූන් හියෝං ටන් සමත් වූ අතර ඉන්දියාවේ ප‍්‍රාඞ්න්‍යා ගාඞී‍්‍ර සහ සික්කි රෙඞ්ඩි පරාජය කරමින් කාන්තා යුගල ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තායිලන්තයේ චලඞ්චලම් චයනිත් සහ ෆාතිමාස් මුයෙන්වෝං සමත් වූහ.

තියුණු තරගයකින් අනතුරුව වට 2-1 ලෙස  ඕස්ටේ‍්‍රලියාවේ රොබින් මිඞ්ලෙටන් සහ ලියෑන් චෝ පරාජය කළ ඉන්දියාවේ අරුන් විෂ්ණු සහ අපර්ණා බාලන් මිශ‍්‍ර යුගල ඉවසව්වේ රන් පදක්කමද ඉන්දියාවට හිමිකර දුන්හ.

ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඞ්මින්ටන් සම්මේලනයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය දින 5 ක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අවසන් මහ තරග ප‍්‍රතිඵල

පිරිමි කේවල

  • සායි ප‍්‍රනීත් (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස සමීර් වර්මා (ඉන්දියාව) පරාජය කරන ලදි. (21/18, 21/8)

පිරිමි යුගල

  • කියේන් කියේට් කෝ සහ බූන් හියෝං ටන් (මැලේසියාව) විසින් තරග වට 2-0 ක් ලෙස කා මිංග් චෝයි සහ යාවෝ හන්  ඕව් (මැලේසියාව) පරාජය කරන ලදහ. (21/19, 21/17)

කාන්තා කේවල

  • සුපනීඩා කෙට්තොංග් (තායිලන්තය) විසින් තරග වට 2-1 ක් ලෙස සබි‍්‍රනා ජැක් (ස්විට්සර්ලන්තය) පරාජය කරන ලදි. (17/21, 21/11, 12/6)

කාන්තා යුගල

  • චලඞ්චලම් චයනිත් සහ ෆාතිමාස් මුයෙන්වෝං (තායිලන්තය) විසින් තරග වට 2-1 ක් ලෙස ප‍්‍රාඞ්න්‍යා ගාඞී‍්‍ර සහ සික්කි රෙඞ්ඩි (ඉන්දියාව) පරාජය කරන ලදහ. (21/17, 14/21, 21/14)

මිශ‍්‍ර යුගල අවසන් මහ තරගයේ ප‍්‍රතිඵල

  • අරුන් විෂ්ණු සහ අපර්ණා බාලන් (ඉන්දියාව) විසින් තරග වට 2-1 ක් ලෙස රොබින් මිඞ්ලෙටන් සහ ලියෑන් චෝ (ඕස්ටේ‍්‍රලියාව) පරාජය කරන ලදහ. (15/21, 21/17, 21/13)

 

ඡායාරූප - ඉෂංක සුනිමල්


අදහස් (0)

ඉන්දියානු කණ්ඩායම බලය පෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.