Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුවරඑළිය වාර්ෂික බැඩ්මින්ටන් ශූරතාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ත්‍රිත්ව ශූරතා දිනාගත් තිළිණි හෙන්දහේවා සහ ද්විත්ව ශූරතා දිනාගත් බුවනෙක ගුණතිලක සමත් වූහ.
වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් විවෘත කාන්තා කේවල අවසන් මහා තරගයේදී වට 2-1 ක් (21/16, 16/21, 21/16) ලෙස කවිඳි ඉෂාදිකා පරාජය කළ තිළිණි හෙන්දහේවා, සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව (කවිඳි ඉෂාදිකා) සමග එක්ව විවෘත කාන්තා යුගල අවසන් මහා තරගයේදී වට 2-0 ක් ලෙස ඉතා පහසුවෙන් හෂිනි අම්බලන්ගොඩ සහ දිල්මි ඩයස් පරාජය කළාය. ඉන් නොනැවතුණ ඇය, විවෘත මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී සචින් ඩයස් සමග එක්ව රංජිත් දහනායක සහ නදීෂා ගයන්ති පරාජය කළේ වට 2-1 ක් (18/21, 21/10, 21/10) ලෙසනි.
ඉතා තියුණු තරගයකින් පසුව සචින් ඩයස් පරදවා වට 2-1 ක් (21/23, 21/19, 21/17) ලෙස විවෘත පිරිමි කේවල අවසන් මහ තරගය ජයගත් බුවනෙක ගුණතිලක, සිය ප්‍රතිවාදි ක්‍රීඩකයා (සචින් ඩයස්) සමග එක්ව විවෘත පිරිමි යුගල අවසන් මහ තරගය ජයගත්තේ වට 2-0 ක් (21/08, 21/13) ලෙස ඉමේෂ හසරංග සහ විභවි මධූෂ පරාජය කරමිනි.
මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමය, නුවරඑළිය නගරසභාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය දින 6 ක් පුරා නුවරඑළිය නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහිදී ඉසව් 26 ක් සඳහා දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 485 දෙනෙක් තරග වැදුණහ.
මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් ද සිල්වා මහතා සහ මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමයේ සභාපති මෙන්ම නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ
වයස 11 න් පහළ (බාලක) කේවල
ශූරතාව - රෙෂාන් දිඹුක්වලගේ
අනුශූරතාව - හිරුක සහන්මිත්
වයස 11 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - රනිත්මා ලියනගේ
අනුශූරතාව - චිරන්‍යා ජයවර්ධන
වයස 13 න් පහළ (බාලක) කේවල
ශූරතාව - සංජන දේවසුරේන්ද්‍ර
අනුශූරතාව - මන්තුක රූපතුංග
වයස 13 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - එන්. නාගහවත්ත
අනුශූරතාව - මනීෂා ජයවර්ධන
වයස 15 න් පහළ (බාලක) කේවල
ශූරතාව - දුමිඳු අබේවික්‍රම
අනුශූරතාව - චනිරු මින්මිත
වයස 15 න් පහළ (බාලක) යුගල
ශූරතාව - දුමිඳු අබේවික්‍රම සහ තෙනුක ද සිල්වා
අනුශූරතාව - සෙතුම් පෙරේරා සහ සවින්ක වීරසේකර
වයස 15 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - යෙහෙනිකා කුරුප්පු
අනුශූරතාව - සුහන්සා විදානගේ
වයස 15 න් පහළ (බාලිකා) යුගල
ශූරතාව - යෙහෙනිකා කුරුප්පු සහ අයිෂ්වර්යා රවිචන්ද්‍රන්
අනුශූරතාව - මනුලි මිතාරා සහ හේෂානී පළිහක්කාර
වයස 17 න් පහළ (බාලක) කේවල
ශූරතාව - රසිඳු හෙන්දහේවා
අනුශූරතාව - ප්‍රවීන් භානුක අබේසිංහ
වයස 17 න් පහළ (බාලක) යුගල
ශූරතාව - දුන්ෂාන් හෙට්ටිආරච්චි සහ කකොල්යා සිල්වා
අනුශූරතාව - දීගායු කහටපිටිය සහ කකිඳු රණවීර
වයස 17 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - දිල්මි ඩයස්
අනුශූරතාව - නදාරා ගුණවර්ධන
වයස 17 න් පහළ (බාලිකා) යුගල
ශූරතාව - නදාරා ගුණවර්ධන සහ සුරනි වික්‍රමසිංහ
අනුශූරතාව - හංසිමා ආශිර්වාදි සහ නිවර්ති විජේවර්ධන
වයස 19 න් පහළ (බාලක) කේවල
ශූරතාව - රන්තුෂ්ක කරුණාතිලක
අනුශූරතාව - විරාන් අනුසංග පෙරේරා
වයස 19 න් පහළ (බාලක) යුගල
ශූරතාව - ලකිඳු ද සිල්වා සහ රදිත් මිලාන
අනුශූරතාව - මොවිඳු හල්ලොලුව සහ නිලංක රන්දිල්රුක්ෂාන්
වයස 19 න් පහළ (බාලිකා) කේවල
ශූරතාව - හසිනි අම්බලන්ගොඩ
අනුශූරතාව - හසාරා විජේරත්න
වයස 19 න් පහළ (බාලිකා) යුගල
ශූරතාව - ගීත්මි අබේරත්න සහ හසිනි අම්බලන්ගොඩ
අනුශූරතාව - කාවින්ද්‍යා රත්නදාස සහ අමාලි සමරනායක
විවෘත පිරිමි කේවල
ශූරතාව - බුවනෙක ගුණතිලක
අනුශූරතාව - සචින් ඩයස්
විවෘත පිරිමි යුගල
ශූරතාව - සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක
අනුශුරතාව - ඉමේෂ හසරංග සහ විභව මධූෂ
විවෘත කාන්තා කේවල
ශූරතාව - තිළිණි හෙන්දහේවා
අනුශූරතාව - කවිඳි ඉෂාදිකා
විවෘත කාන්තා යුගල
ශූරතාව - තිළිණි හෙන්දහේවා සහ කවිඳි ඉෂාදිකා
අනුශූරතාව - හසිනි අම්බලන්ගොඩ සහ දිල්මි ඩයස්
විවෘත මිශ්‍ර යුගල
ශූරතාව - සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා
අනුශූරතාව - රජිත දහනායක සහ නදීෂා ගයාත්‍රි
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.