Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 65 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගනිමින් වසරේ (2017) ජාතික බැඞ්මින්ටන් ශූරිය බවට පත්වීමට තිළිණි හෙන්ඳහේවා සමත් වූවාය. ඇය පිට පිටම ජාතික බැඞ්මින්ටන් ශූරිය බවට පත්වූ සිවුවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඇය 2014, 2015 සහ 2016 යන වසර වලදීද එම සම්මානයට හිමිකම් කියා තිබේ.
එහිදී තරග වට 2-0 ක් ලෙස හසිනි අම්බලන්ගොඩගේ පරාජය කරමින් විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගත් තිළිණි හෙන්ඳහේවා, විවෘත කාන්තා යුගල ශූරතාව දිනාගත්තේ කාවින්දි ඉෂාදිකා සමග එක්ව තරග වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි සහ හසිනි අම්බලන්ගොඩගේ පරාජය කරමිනි. මිශ්‍ර යුගල ඉසව්වේදී සචින් ඩයස් සමග එක්ව තරග වැදුණ තිළිණි, එම ඉසව්වේ අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස විබවි මධූෂ සහ උපුලි සමන්තිකා පරාජය කිරීමට සමත් වූවාය.
මෙවර තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ඉකුත් වසරේ අනු ශූරතාව හිමිකර ගත් දිනූක කරුණාරත්න සමත් වූ අතර එම ඉසව්වේ අවසන් මහ තරගයේදී ඔහු තරග වට 2-0 ක් ලෙස බුවනෙක ගුණතිලක පරාජය කළේය. දිනූක ජාතික බැඞ්මින්ටන් ශූරියා බවට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම ජයග්‍රහණයත් සමගින් පිට පිටම 15 වරක් ජාතික ශූරයා බවට පත්ව සිටි සිය වැඩිමහල් සොහොයුරු නිලූක කරුණාරත්නගේ අපරාජිත වාර්තාව බිඳ දැමීමටද ඔහු සමත් විය.
අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී දිනූක කරුණාරත්න හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජය පත්වීම නිසා නිලූක කරුණාරත්නට මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පවා නොහැකි විය.
තිළිණි හෙන්ඳහේවා සමග එක්ව මිශ්‍ර යුගල ශූරතාව දිනාගත් සචින් ඩයස්, බුවනෙක ගුණතිලක සමග එක්ව විවෘත පිරිමි යුගල ශූරතාවද දිනාගනිමින් ද්විත්ව ශූරතාවකට හිමිකම් කීය. පිරිමි යුගල ඉසව්වේ අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ඉමේෂ් හසරංග සහ විබවි මධූෂ පරාජය කිරීමට සචින් සහ බුවනෙක සමත් වූහ.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 850 ක් පමණ සහභාගි වූහ.
විවෘත පිරිමි කේවල
දිනූක කරුණාරත්න විසින් වට 2-0 ක් ලෙස බුවනෙක ගුණතිලක පරාජය කරන ලදි. (21/18, 21/08)
විවෘත පිරිමි යුගල
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් වට 2-0 ක් ලෙස ඉමේෂ් හසරංග සහ විබවි මධූෂ පරාජය කරන ලදහ. (21/11, 21/08)
විවෘත කාන්තා කේවල
තිළිණි හෙන්ඳහේවා විසින් වට 2-0 ක් ලෙස හසිනි අම්බලන්ගොඩගේ පරාජය කරන ලදි. (21/14, 21/10)
විවෘත කාන්තා යුගල
තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි ඉෂාදිකා විසින් වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි සහ හසිනි අම්බලන්ගොඩගේ පරාජය කරන ලදහ. (21/09, 22/20)
විවෘත මිශ්‍ර යුගල
සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා විසින් වට 2-0 ක් ලෙස විබවි මධූෂ සහ උපුලි සමන්තිකා පරාජය කරන ලදහ. (21/12, 21/19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.