Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner දිනුක - තිළිණි ද්විත්ව ශූරතා දිනති

දිනුක - තිළිණි ද්විත්ව ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හැලඹගේ ප්‍රේමසිරි අනුස්මරණ කුසලාන විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී දිනුක කරුණාරත්න විසින් විවෘත පිරිමි ශුරතාව සහ පිරිමි යුගළ ශුරතාව දිනාගන්නා ලදි. තිළිණි හෙන්දහේවා එහි විවෘත කාන්තා ශුරතාව සහ කාන්තා යුගළ ශූරතා දිනාගත්තාය.

දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ මේ  තරගාවලිය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700යකගේ සහාභාගිත්වයෙන් පැවති මේ තරගාවලියේදී විවෘත පිරිමි ශුරතාව දිනු දිනුක සිය සොහොයුරු නිලුක කරුණාරත්න සමග  එක්ව විවෘත පිරිමි යුගළ ශුරතාවද දිනා ගත්තේය. විවෘත පිරිමි තරගාවලිය සදහා  නිලුක කරුණාරත්න ඉදිරිපත් නොවීම විශේෂයෙන්ම කැපිපෙනුණු සිදුවීමක් විය.


තරගාවලියේ ප්‍රතිඵල

පිරිමි විවෘත
දිනුක කරුණාරත්න විසින් බුවනෙක ගුණතිලක පරාජය කරන ලදී.

පිරිමි යුගළ
නිලුක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න විසින් බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් පරාජය කරන ලදහ.

මිශ්‍ර යුගළ
බුවනෙක ගුණතිලක සහ එස්.කවිදී ඉෂදිකා විසින් නිලුක කරුණාරත්න සහ රේණු චන්ද්‍රිකා පරාජය කරන ලදහ.

වයස 19න් පහළ පිරිමි යුගළ
විකුම් ප්‍රනාන්දු සහ ලෂන් මෙන්ඩිස් විසින් චරිත් ඉලෙපෙරුමාරච්චි සහ චමත් ඩයස් පරාජය කරන ලදී.

වයස 19න්  පහළ පිරිමි කේවල  
චිරත් ඉලෙපෙරුමාරච්චි විසින්  විකුම් ප්‍රනාන්දු පරාජය කරන ලදී.

වයස 17න් පහළ  පිරිමි යුගළ
ලවිදු රණවීර සහ දිගායු කහටපිටිය  විසින් අනුල් විජේතුංග සහ රශ්මින දිනුරු   පරාජය කරන ලදී.

වයස 17න් පහළ පිරිමි කේවල  
තුලිත් පල්ලියගුරු විසින් චනිරු මිරැන්ඩෝ  පරාජය කරන ලදී.

වයස 15න් පහළ පිරිමි යුගළ
නීතික ජයතිලක සහ චනිරු මන්මිත විසින්  හිමාල් පෙරේරා සහ කවීෂ අබේසිංහ පරාජය කරන ලදී.

වයස 15න් පහළ පිරිමි කේවල  
හිමාල් පෙරේරා විසින් චලිත් කුමාරප්පෙරුම පරාජය කරාන ලදී

වයස 13න් පහළ පිරිමි
විදුෂ්   රශ්මික විසින් තෙවිනු වීරක්කොඩි පරාජය  කරන ලදී.

වයස 11න් පහළ පිරිමි
හිරුක සහන්මිත් විසින් විදුම් තත්සිලු පරාජය  කරන ලදී.

විවෘත කාන්තා
තිලිනි හෙන්දහෙවා විසින්  කවින්දිකා බිනරි පරාජය කරන ලදී.

විවෘත කාන්තා යුගළ
තිළිණි හෙන්දහෙවා සහ කවිදී ඉසන්දිකා විසින් මදුෂිකා දිල්රුක්ෂි සහ කවින්දිකා බිනරි පරාජය  කරන ලදී.

වයස 19න් පහළ කාන්තා කේවල  
නදාරා ගුණවර්ධන විසින් ගීත්මි අබේරත්න පරාජය කරන ලදී.

වයස 17න් පහළ කාන්තා  යුගළ
අනුරන්ගි මාසකෝරාළ සහ දිල්මි ඩයස් විසින්  විශ්මි එදිරිසිංහ සහ මනුකි චන්ද්‍රසේකර  පරාජය කරන ලදී

වයස 17න් පහළ කාන්තා කේවල  
දිල්මි ඩයස් විසින් ජනනුවනි අමන්දා පරාජය  කරන ලදී

වයස 15න් පහළ කාන්තා යුගළ
තිසුනි මිදාරා සහ සේනුජි ලවන්දි විසින් සුහස්නි විදානගේ සහ හිරුෂි පියුමදා පරාජය කරන ලදී.

වයස 15න් පහළ කාන්තා කේවල  
සුහස්නි විදානගේ විසින්  අෂිනි ඉෂාරා පරාජය කරන ලදී.

වයස 13න් පහළ  කාන්තා කේවල  
සේනුජි ලවන්දි විසින් තෙවනි තිසන්දී පරාජය කරන ලදී.

වයස 11න් පහළ කාන්තා කේවල  
රනිත්මා ලියනගේ විසින් දසිත්මා ජයතිලක පරාජය කරන ලදී .

 


අදහස් (0)

දිනුක - තිළිණි ද්විත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.