Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner නිලවරණය එපා’යි අනුබද්ධ සංගම් 6 ක් කියති

නිලවරණය එපා’යි අනුබද්ධ සංගම් 6 ක් කියති

Dilrukshi - 2015 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ, ටොරින්ටන් පෙසෙද පිහිටි කී‍්‍රඩ අමාත්‍යංශයේදී අද (27 වැනිදා) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලවරණය අත්හිටුවන ලෙස එම සංගමයට අනුබද්ධ කී‍්‍රඩා සංගම් 6 ක් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතාට ලිපි මගින් දන්වා තිබේ.

එසේ වුවත් අද පෙරවරුවේදී දැනගන්නට ලැබුණ පරිදි නියමිත පරිදි නිලවරණය පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් වන්නේ නැත.නිලවරණය පැවැත්වීමට විරෝධය පළකර සිටින කී‍්‍රඩා සංගම් 6 වන්නේ වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය, බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය, නැගෙනහිර පළාත් බැඞ්මින්ටන් සංගමය, දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය, උතුරු පළාත් බැඞ්මින්ටන් සංගමය සහ රාජ්‍ය සේවා බැඞ්මින්ටන් සංගමයයි.

ඔවුන් සිය ලිපිවල සඳහන් කර ඇත්තේ අද පැවැත්වීමට නියමිත නිලවරණය ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් යම් හෙකින් ව්‍යවස්ථාවට පටහැනි අයුරින් නිලවරණය පැවැත්වුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක බැඞ්මින්ටන් සම්මේලනය පනවා ඇති තහනම ඉවත්කර ගැනීම තවත් අපහසුවන බවත්ය.

බැඞ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාවේ 8 (ඞී) වගන්තියට අනුව යමෙක් සභාපති තනතුර හෝ ලේකම් තනතුර නොකඩවා දෙවසරකට වැඩි කාලයක් දරා ඇත්නම් නැවතත් එම තනතුර සඳහා ඉදිරිපත්වීමට අවම වශයෙන් ඔහු වසරක කාලයක් එම තනතුරු වලින් ඉවත්ව සිටිය යුතුය. එහෙත් මෙවර නිලවරණයේදී සභාපති ධුරයා සඳහා ඉදිරිපත්වී සිටින සුරාජ් දන්දෙණිය මහතා ඊට ඉදිරිපත්වී ඇත්තේ මෙම වගන්තිය කඩ කරමින් බවත් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකර ඇති ලිපිවල සඳහන් වේ.

මෙම කී‍්‍රඩා සංගම් 6 ම සිය විරෝධතා ලිපි මේ මස 23 කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකර ඇති නමුත් බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ ලේකම්වරයා වන අසංක පීරිස් මහතා  කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (27 වැනිදා* ලිපියක් යොමුකරමින් කියා සිටින්නේ බැඞ්මින්ටන් නිලවරණය අත්හිටුවන ලෙස හෝ ඊට විරෝධය දක්වමින් කිසිදු ලිපියක් තම සංගමයෙන් යොමු කර නොමැති බවත් මින් පෙර එවැනි ලිපියක් ලැබී ඇත්නම් එම නොසලකාහරින ලෙසත්ය.

එසේ වුවත් මේ මස 23 වැනිදා බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයෙන් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකර ඇති ලිපියට අත්සන් තබා ඇත්තේ එහි සභාපති මහාචාර්ය රංජිත් ද සිල්වා මහතාය.

වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි සභාපති නිරෝධ ද කොස්තා මහතාද, නැගෙනහිර පළාත් බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි ලේකම් අලියර් ෆයසිර් මහතාද, දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි ලේකම් බුද්ධික ද සිල්වා මහතාද, උතුරු පළාත් බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි ලේකම් සී. ජේ. මුරලිදරන් මහතාද, රාජ්‍ය සේවා බැඞ්මින්ටන් සංගමය වෙනුවෙන් එහි ලේකම් ලූවී කරුණාරත්න මහතාද කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත එවනු ලැබූ ලිපිවලට අත්සන් තබා ඇත.

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාව වසර 38 කට එපිට සකස් කරන ලද එකක් වන අතර ලෝක බැඞ්මින්ටන් සම්මේලනය විරුද්ධ වන්නේ එහි 16 වැනි වගන්තියටයි. එහෙත් ශී‍්‍ර ලංකාවේ බලපැවැත්වෙන නීතිය අනුව බැඞ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාව අභිබවා යාමට ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා පනතට නෛතික බලයක් තිබේ. ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ අදහස වන්නේ මෙම වගන්තිය මගින් රාජ්‍ය මැදිහත්වීමකට අවස්ථාව සැලසෙන බැවින් අදාළ වගන්තිය වෙනස් කළ යුතු බවයි.

ක්‍රීඩා සංගම් යොමු කළ ලිපි

 

 

 


අදහස් (0)

නිලවරණය එපා’යි අනුබද්ධ සංගම් 6 ක් කියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.