Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර නගරසභා බැඩ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී සහ මයික් කුක් ගෘහස්ත බැඞ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැති 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේදී නිලූක කරුණාරත්න විසින් විවෘත පිරිමි ශූරතාව දිනාගන්නා ලදි. තිළිණි හෙන්දහේවා එහි කාන්තා ශූරතාව දිනාගැනීමට සමත් වූවාය.
අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස තම සොහොයුරු දිනූක කරුණාරත්න පරාජය කළ නිලූක, 14 වැනි වරටත් ජාතික බැඞ්මින්ටන් ශූරතාව තමන් සතු කරගත්තේය.
ඉන් නොනැවතුණ ඔහු, දිනූක සමග එක්ව පිරිමි යුගළ ශූරතාවද, නදීෂා ගයන්ති සමග එක්ව මිශ‍්‍ර යුගළ අනු ශූරතාවද දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
පිරිමි යුගළ අවසන් මහ තරගයේදී කරුණාරත්න සෙහොයුරන් හමුවේ තරග වට 2-0 ක් ලෙස බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් පරාජයට පත්වූහ.
කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට තිළිණි හෙන්දහේවා සමත්වූයේ අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස කාවින්දි සිරිමාන්ගේ පරාජය කරමිනි. තිළිණි හෙන්දහේවා ජාතික බැඞ්මින්ටන් ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාවයි.
අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා එක්ව තරග වට 2-0 ක් ලෙසින් චන්ද්‍රිකා ද සිල්වා සහ තිළිණි හෙන්දහේවා පරාජය කරමින් කාන්තා යුගළ ශූරතාවට හිමිකම් කීහ.
බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්ගේ මිශ‍්‍ර යුගල ශූරතාවට හිමිකම් කීවේ තරග වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න සහ නදීෂා ගයන්ති පරාජය කරමිනි.
කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තරගාවලියේ සමාප්ත උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
තරග ප‍්‍රතිඵල
කේවල පිරිමි
නිලූක කරුණාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස දිනූක කරුණාරත්න පරාජය කරන ලදි.
පිරිමි යුගල
නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් පරාජය කරන ලදහ.
කාන්තා කේවල
තිළිණි හෙන්දහේවා විසින් තරග වට 2-0 ක් ලෙස කාවින්දි සිරිමාන්ගේ පරාජය කරන ලදි.
කාන්තා යුගල
අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා විසින් තරග වට 2-0 ක් ලෙස චන්ද්‍රිකා ද සිල්වා සහ තිළිණි හෙන්දහේවා පරාජය කරන ලදහ.
මිශ‍්‍ර යුගල
බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්ගේ විසින් තරග වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න සහ නදීෂා ගයන්ති පරාජය කරන ලදහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.