Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner බැඩ්මින්ටන් තහනම අවසන්

බැඩ්මින්ටන් තහනම අවසන්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක බැඞ්මින්ටන් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබ තිබූ බැඞ්මින්ටන් තහනම ඉවත් කර තිබේ. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පසුගිය සතියේ ඩුබායි නගරයේදී ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ සභාපති සහ මහලේකම්වරයා සමග කළ සාකච්ඡාවකින් පසුව මාස තුනකට ආසන්න කාලයක් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ලෝක බැඞ්මින්ටන් සම්මේලනය පියවර ගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාවට පනවා තිබූ බැඞ්මින්ටන් තහනම හේතුවෙන් ලබන වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමිවීමේ අවදානමක් මතුවි තිබිණි. එය සැළකිල්ලට ගනිමින් ලෝක බැඞ්මින්ටන් සම්මේලනය සමග සාකච්ඡා කර ගැටළුව විසඳ ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා සමග ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ සමන් බණ්ඩාර, අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන සහ පසුගිය බැඞ්මින්ටන් නිලවරණයෙන් සභාපතිධුරයට පත්වූ නිශාන්ත ජයසිංහ මහත්වරු ඩුබාහි හී දී මේ සාකච්ඡාවට එක්වූහ. 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රීඩා පනතේ නිතිරීතිවලට අනුව යම්කිසි ක්‍රීඩා සංගමයක නිලවරණයක් පැවැත්වීමට පෙර එහි පසුගිය කාලවකවානුවේ විගණන වාර්තා සම්මත කරගත යුතුය. එහෙත් බැඞ්මින්ටන් සංගමය එම ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් නිලවරණය පැවැත්වීම හේතුවෙන් එම සංගමය විසුරුවා හැරිමට සිදුවූ බව ක්‍රිඩා අමාත්‍යවරයා විසින් ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නිලධාරීන් දැනුවත් කරන ලදි.

එමෙන්ම නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සමග එම සංගමයේ තවත් නිලධාරින් කිහිපදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබුවේ අතුරු කමිටුවක් ලෙස නොව නිලවරණය පවත්වනතුරු පමණක් බවත් ක්‍රීඩා ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

වසර 8 ක් තිස්සේ විගණන වාර්තාවලින් තොරව කටයුතු කරමින් සිටි බැඞ්මින්ටන් සංගමය තව දුරටත් එම තත්ත්වයෙන් පවත්වාගෙන යාම ක්‍රීඩා නීතියට අනුව පටහැනි බවද ක්‍රීඩා ඇමතවරයා විසින් පෙන්වා දෙන ලදි. ඉදිරියේදී විගණන වාර්තා සම්මත කරගැනීමෙන් පසුව නිලවරණය පවත්වන බවට ඇමැතිවරයා අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයට පොරොන්දු වී ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව මඟ හැරී  යාමේ අවදානම ගැන කරුණු සඳහන් කිරීමෙන් පසුව බැඞ්මින්ටන් සංගමයේ නිලවරණය පවත්වන තුරු ඉදිරි කටයුතු සඳහා කමිටුවක් පත් කිරීමේ එකඟතාව මත මෙම තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික බැඞ්මින්ටන් සංගමය පියවර ගෙන තිබේ. 

 


අදහස් (0)

බැඩ්මින්ටන් තහනම අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.