Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැති 30 වැනි වෙළෙඳ සේවා කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ප‍්‍රසාද ලකුණු 124 ලබාගත් සෙලාන් බැංකු කණ්ඩායම සමත්විය.
එහි අනුශූරතාව දිනාගැනීමට ලකුණු 119 ක් ලබාගත් නේෂන් ට‍්‍රස්ට් බැංකු කණ්ඩායම සමත්වූ අතර තෙවැනි ස්ථානය දිනාගැනීමට ලකුණු 95 ක් ලබාගත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත්විය.
මෙම තරගාවලියට සමාගම් 68 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 194 ක් සහභාගීවූ අතර එම කණ්ඩායම් වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1200 කට ආසන්න සංඛ්‍යාවක් තරග කාණ්ඩ 22 යටතේ තරග වැදිණ.
තරගාවලියේ ප‍්‍රධානම කාණ්ඩය වන ‘ඒ’ කාණ්ඩයේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට මැක්ලරන්ස් කණ්ඩායම සමත්වීම කැපීපෙනෙන සිදුවීමක් විය.
‘ඒ’ කාණ්ඩයේ පිරිමි අනුශූරතාව හැටන් නැෂනල් බැංකු කණ්ඩායමටත්, ‘ඒ’ කාණ්ඩයේ කාන්තා අනුශූරතාව සෙලාන් බැංකු කණ්ඩායමටත් හිමිවිය.
‘බී’ කාණ්ඩයේ පිරිමි සහ කාන්තා ශූරතා පිළිවෙළින් සෙලාන් බැංකු සහ මාස් හෝල්ඩිංස් කණ්ඩායම් විසින් දිනාගනු ලැබිණ.
මැක්ලරන්ස් සමාගම නියෝජනය කළ වත්මන් ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න මේ වසරේදීත් ‘ඒ’ කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලබාගත් අතර මැක්ලරන්ස් කණ්ඩායමේම කී‍්‍රඩිකාවක වන අචිනි රත්නසිරි ‘ඒ’ කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස ඩියුලක්ස් සමාගම කටයුතු කළේය.
සමස්ථ ශූරතාව, අනුශූරතාව සහ තෙවන ස්ථානය දිනා ගත් කණ්ඩායම වෙළෙද සේවා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් සමග
ඒ කණ්ඩයේ සමස්ථ ශූරතා දිනා ගත් මැක්ලරන්ස් පිරිමි සහ කාන්තා කණ්ඩායම්
ඒ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව අචිනි රත්නසිරි ත්‍යාග ලබමින්
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.