Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් කී‍්‍රඩාවේ දුක්බර තත්ත්වය

ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් කී‍්‍රඩාවේ දුක්බර තත්ත්වය

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ වත්මන් තත්ත්වය මොනවට පැහැදිළි කළ ‘යොනෙක්ස් - සන්රයිස්’ ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට යා හැකි වූ උපරිම දුර වූයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පමණි.

රටවල් 23 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 250 කට ආසන්න පිරිසක් සහභාගී වූ මෙම තරගාවලියේදී පිරිමි කේවල ඉසව්වෙන් දිනුක කරුණාරත්න පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර තරගාවලිය ඉකුත්දා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී නිමාවට පත් විය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 35 ක් පමණ සහභාගී වූ නමුත් එහිදී ශ්‍රී ලංකාවට එකදු පදක්කමක් හෝ දිනා දීමට එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ අසමත් වූහ.

ඒ අතුරින් පිරිමි කේවල ඉසව්වට සහභාගී වූ දිනූක කරුණාරත්න, එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර ඔහු හැරුණුකොට අන් කිසිදු කී‍්‍රඩකයකු හෝ කී‍්‍රඩිකාවක තරගාවලියේ මූලික වටයේ තරගයකින් ජය ලබා දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූහ.

පිරිමි කේවල ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ වටයට ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් 15 දෙනෙක් සහභාගී වූ අතර ඉන් තිදෙනෙක් පමණක් මූලික වටය සඳහා සුදුසුකම් ලබාගත්හ. එළෙස මූලික වටයට සුදුසුකම් ලබාගත් කී‍්‍රඩකයන් තිදෙනාගෙන් සචින් ඩයස් නිතරග ජයක් ලබා ඊට සුදුසුකම් ලබාගැනීමත්, නිම්මික තිසර සහ දිලූක කරුණාරත්න එහිදී තවත් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙදෙනෙක්වම පරාජය කරමින් ඊට සුදුසුකම් ලබාගැනීමත් කැපීපෙනන සිදුවීම් ලෙස හැදින්විය හැකිය.

සුදුසුකම් ලබාගැනීමේ වටයෙන්ම ඉවටත විසිවී ගිය ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් සියලූ දෙනාම එහිදී විදෙස් තරගකරුවන්ට එරෙහිව තරග වැදුණ අතර ඔවුහු ඒවායින් අන්ත පරාජ ලැබූහ.

ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් ශේ‍ණිගත කිරීම් වල අංක 1 සහ 2 ස්ථාන වල රැදීසිටින නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්නද සමගින් පිරිමි කේවල මූලික වටයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් 5 දෙනෙක් තරග වැදිණ.

එහිදී ඉකුත් වසරේ ජාතික ශූරතාව දිනාගත් නිලූක කරුණාරත්නට තමන් සහභාගී වූ පළමු තරගයේදීම මැලේසියානු කී‍්‍රඩකයෙක් හමුවේ අන්ත පරාජයක් ලැබීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ජාත්‍යන්තර අත්දැකීම් බහුල බැඞ්මින්ටන් කී‍්‍රඩකයකු වන නිලූක ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ කණ්ඩායමේ නායකයා මෙන්ම ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයාද විය.  

දිලූකට සහ තිසරටද මූලික වටයේ තරග වලදී අන්ත පරාජයන්ට මුහුණදීමට සිදුවූ අතර එහිදී තම ප‍්‍රතිවාදියාට එරෙහිව එක් තරග වටයක් හෝ ජයග‍්‍රහණය කිරීමට සමත්වූයේ සචින් ඩයස් පමණි.

කාන්තා කේවල ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ වටයට ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් අට දෙදෙක් සහභාගී වූ අතර ඔවුන්ගෙන් සිව් දෙනෙක් පමණක් එහි මූලික වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.

එහිදී අචිනි රත්නසිරි සහ ලේඛා ෂෙහානි තායිලන්ත කී‍්‍රඩිකාවන්ට එරෙහිව කළ තියුණු තරගය වලින් අනතුරුව මූලික වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර  ඕෂදී කුරුප්පු නිතරග ජයක් ලබමින්ද, කාවින්දිකා බිනුරි තවත් ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවක් පරාජය කරමින්ද ඊට සුදුසුකම් ලබාගත්හ.

කෙසේ වුවත් මූලික වටයේ තරග වලදී ලැබූ ස්විට්සර්ලන්ත, ඉන්දීය, මැලේසියා සහ තායිලන්ත කී‍්‍රඩිකාවන් හමුවේ ලද පරාජයන් නිසා ඔවුන් සියලූ දෙනාගේම තරගාවලියේ ඉදිරියට යෑමට තිබූ අවස්ථාවන් මඟහැරී ගියේය.

පිරිමි යුගල ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම් හයම එහිදී අන්ත පරාජයන් ලබා මූලික වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවතට විසිවී ගියේය.

කාන්තා යුගල ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම් හයම එහි මූලික වටයේ තරග වලදී නිතරග ජය ලබා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තද, ඔවුන් අතරින් දෙවැනි වටයේ තරගයකින් ජය ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූයේ අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා යුගලය පමණි.
 
ඔවුන්ද අර්ධ අවසන් පූර්ව වටයේදී තායිලන්ත කී‍්‍රඩිකාවන් දෙදෙනෙක් හමුවේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාගැනීමට තිබූ අවසන් අවස්ථාවද මඟහැරී ගියේය. යම් හෙයකින් අචිනි සහ උපුලි එම තරගයෙන් ජයගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා නම් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිවනු ඇත.

මිශ‍්‍ර යුගල ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම් හතරෙන් හසිත චානක සහ කාවින්දි සිරිමාන්නගේ යුගලය පමණක් එහි මූලික වටයේ තරගයකින් ජය ලැබූ අතර අනෙක් කණ්ඩායම් තුනම අන්ත පරාජයන් ලබා මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවිය.  

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් කී‍්‍රඩාවේ දුක්බර තත්ත්වය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.