Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner ශී‍්‍ර ලංකාවට එකම පදක්කම දිනුකගෙන්

ශී‍්‍ර ලංකාවට එකම පදක්කම දිනුකගෙන්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමය පළමු වරට සංවිධානය කළ යොනෙක්ස් - සන්රයිස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (IV වැනි කාණ්ඩයේ) බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල රන් පදක්කම දිනාගැනීමට කොරියානු කී‍්‍රඩක හියුන් ඉල් ලී සමත්විය. කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී  තරග වට 2-1 ක් ලෙස ඉන්දීය කී‍්‍රඩක ආනන්ද් පවාර් පරාජය කරමින් ඔහු එම රන් පදක්කමට හිමිකම් කීවේය.

සෙනසුරාදා (7 වැනිදා) පැවති පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස ඉන්දීය කී‍්‍රඩක එච්. එස්. ප‍්‍රනෝයි පරාජය කරමින් හියුන් ඉල් ලී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස ශී‍්‍ර ලංකා කී‍්‍රඩක දිනූක කරුණාරත්න පරාජය කරමින් ආනන්ද් පවාර් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් බැවින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව දිනුකගෙන් ගිළිහී ගියේය. එසේ වුවද අවසන් පූර්ව වටයේදී පරාජය ලබන්නන්ටද පදක්කමක් පිරිනැමීමට තරග සංවිධායකයන් කටයුතු යොදා තිබූ හෙයින් දිනුක කරුණාරත්නට ලෝකඩ පදක්කමකින් සෑහීමට පත්වීමට සිදුවිය.
 
මෙම තරගාවලියේ ශී‍්‍ර ලංකාවේ අවසන් බලාපොරොත්තුව වූ දිනූක කරුණාරත්න සෙනසුරාදා (7 වැනිදා) පෙරවරුවේදී පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තරග වට 2-1 ක් ලෙස ඉන්දීය කී‍්‍රඩක ආදිත්‍ය ප‍්‍රකාෂ් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පැමිණියේය.

දින 5 ක් පුරා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ ප‍්‍රධාන කාණ්ඩ 5 යටතේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 33 දෙනෙක් තරග වැදුණ නමුත් ඔවුන් අතුරින් පදක්කමක් දිනාගත හැකිවූයේ දිනූක කරුණාරත්නට පමණි. ඔහු හැරුණුකොට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට හෝ පැමිණියේ කසුන් මධුසංක සහ උපුලි සමන්තිකාගෙන් සමන්විත මිශ‍්‍ර යුගල කණ්ඩායම පමණි.

තරගාවලියේ කාන්තා කේවල රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කී‍්‍රඩිකා පී. සී. තුල්සි සමත්වූවාය. අවසන් මහ තරගයේදී සිංගප්පූරු කී‍්‍රඩිකා ජියායුන් චෙන් තරග වට 2-1 ක් ලෙස පරාජය කරමින් ඇය එම පදක්කමට හිමිකම් කීවාය.

අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස තායිලන්ත කී‍්‍රඩිකා සුපනීඩා කටතෝං පරාජය කරමින් පී. සී. තුල්සි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තරග වට 2-0 ක් ලෙස චීන තායිපේ කී‍්‍රඩිකා චියා හසින් ලී පරාජය කරමින් සිංගප්පූරු කී‍්‍රඩිකා ජියායුන් චෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය.

පිරිමි යුගළ අවසන් මහ තරගයේදී මනූ අටි‍්‍ර සහ සුමිත් රෙඞ්ඩිගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කළ ඩැනී බාවා සහ චයුට් ටි‍්‍රයචාට්ගෙන් සමන්විත සිංගප්පුරු කණ්ඩායම එහි රන් පදක්කම දිනාගත්තේය.

පාතයිමාස් මුයෙන්වොං සහ කිලසු ඔස්ටමේයර්ගෙන් සමන්විත තායිලන්ත කණ්ඩායම කාන්තා යුගල රන් පදක්කම දිනාගත් අතර ප‍්‍රාන්‍යා ගාඩි‍්‍ර සහ සිකී රෙඞ්ඩිගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම ඔවුන් හමුවේ තරග වට 2-0 ක් ලෙස අවසන් මහ තරගයේදී පරාජයට පත්විය.

මිශ‍්‍ර යුගල රන් පදක්කම දිනාගැනීමට අක්ෂය දේවල්කාර් සහ ප‍්‍රාන්‍යා ගාඩි‍්‍රගෙන් සමන්විත කණ්ඩායම සමත්විය. තරග වට 2-0 ක් ලෙස ඔවුන් හමුවේ අවසන් මහ තරගය පරාජයට පත්වූයේ මලයාසියාවේ ඉන්ද්‍රා මාවන් සහ ඉන්දියාවේ ප‍්‍රජක්ට සාවන්ත්ගෙන් සමන්විත කණ්ඩායමයි.


අවසන් වටයේ තරග ප‍්‍රතිඵල

පිරිමි කේවල
හියුන් ඉල් ලී (කොරියාව) විසින් තරග වට 2-1 ක් ලෙස ආනන්ද් පවර් (ඉන්දියාව) පරාජය කරන ලදි. (17/21, 21/10, 21/15)

කාන්තා කේවල
පී. සී. තුල්සි (ඉන්දියාව) විසින් තරග වට 2-1 ක් ලෙස ජියායුන් චෙන් (සිංගප්පූරුව) පරාජය කරන ලදි. (17/12, 21/15, 21/18)

පිරිමි යුගල
ඩැනී බාවා සහ චයුට් ටි‍්‍රයචාට්ගෙන් (සිංගප්පූරුව) විසින් තරග වට 2-0 ක් ලෙස මනූ අටි‍්‍ර සහ සුමිත් රෙඞ්ඩි (ඉන්දියාව* පරාජය කරන ලදහ. (21/17, 21/19)
 
කාන්තා යුගල
පාතයිමාස් මුයෙන්වොං සහ කිලසු ඔස්ටමේයර් (තායිලන්තය) විසින් තරග වට 2-0 ක් ලෙස ප‍්‍රාන්‍යා ගාඩි‍්‍ර සහ සිකී රෙඞ්ඩි (ඉන්දියාව) පරාජය කරන ලදහ. (21/14, 21/17)
 
මිශ‍්‍ර යුගල
අක්ෂය දේවල්කාර් සහ ප‍්‍රාන්‍යා ගාඩි‍්‍ර (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස ඉන්ද්‍රා මාවන් (මලයාසියාව) සහ ප‍්‍රජක්ට සාවන්ත් (ඉන්දියාව) පරාජය කරන ලදහ. (21/10, 21/9)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට එකම පදක්කම දිනුකගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.