Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (VI වැනි කාණ්ඩයේ) බැඞ්මින්ටන් තරගාවලිය වන යොනෙක්ස් - සන්රයිස් බැඞ්මින්ටන් තරගාවලියේ දෙවැනි දිනය වන අද (5 වැනිදා) පැවැති පිරිමි කේවල පළමු වටයේ තරග වලින් ජය ලැබීමට නිලූක කරුණාරත්න, කසුන් මධුසංක, දිනුක කරුණාරත්න සහ බුවනක ගුණතිලක සමත්වූහ.
අද පැවති පිරිමි කේවල පස්වැනි තරගයේදී මලයාසියානු කී‍්‍රඩක ශහසාන් ශාහ මිස්ෆහුල් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් නිලූක කරුණාරත්න දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඉන් පසුව පැවති තරග වලදී සිංගප්පූරු කී‍්‍රඩක කවාන් ටිං සීයෑන් ලී තරග වට 2-1 ක් ලෙස පරාජය කළ දිනූක කරුණාරත්නද, මලයාසියානු කී‍්‍රඩක කයි ඊ යොං තරග වට 2-0 ක් ලෙස පරාජය කළ කසුන් මදුසංකද දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.
තරගාවලියේ පළමු දිනයේ පැවති සුදුසුකම් ලබාගැනීමේ තරග වලින් ජය ලබා පිරිමි කේවල තරගාවලිය සඳහා එක්වූ චාමික කරුණාරත්න අද පැවති තරගයකදී බුවනක ගුණතිලක හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
කාන්තා කේවල තරගාවලියට සහභාගීවීම සඳහා ඊයේ පැවති තරග වලදී සුදුසුකම් ලබාගැනීමට මධුෂිකා බේරුවලගේ සහ තිළිණි හෙන්දහේවා සමත්වූහ.
ඒ අනුව ඔවුන් දෙදෙනා සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙක් කී‍්‍රඩිකාව වන අචිනි රත්නසිරි, අද සවස් වරුවේදී පැවැත්වෙන කාන්තා කේවල තරගාවලියේ පළමු වටයේ තරගවලදී පිළිවෙළින් ඉන්දීය, සිංගප්පූරු සහ චීන තායිපේ කී‍්‍රඩිකාවන්ට එරෙහිව තරග වැදීමට නියමිතය.
පිරිමි යුගළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් තරග වදින අතර ඉන් කණ්ඩායම් 2 ක් (මොහොමඞ් ශධිර් හා තිළිණ ප‍්‍රියදසුන් එක් කණ්ඩායමකත් හසිිත චානක සහ කසුන් මධුසංක දෙවැනි කණ්ඩායමේත් කී‍්‍රඩා කරති) ඊයේ දිනයේ පැවැති තරග වලින් සුදුසුකම් ලබා ඉදිරියට පැමිණියහ. කාන්තා යුගළ තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම් සංඛ්‍යාව 11 කි.
රොෂාන් පද්මකුමාර සහ රුවින් රත්නසිරි මිශ‍්‍ර යුගල තරගාවලිය සඳහා ඊයේ පැවැති තරග වලදී සුදුසුකම් ලබාගත් අතර ඔවුන් දෙදෙනාද සමගින් මිශ‍්‍ර යුගල තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම් 3 ක් සහභාගී වෙති.
පිරිමි කේවල පළමු වටයේ ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් සහභාගීවූ තරග වල ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.