Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner සචින් ඩයස්ගෙන් ලෝකඩ පදක්කමක්

සචින් ඩයස්ගෙන් ලෝකඩ පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

චීනයේ නැංජින් නුවර පැවැත්වෙන දෙවැනි යොවුන් ඔලිම්පික් තරගාවලියේ බැඞ්මින්ටන් මිශ‍්‍ර යුගළ ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ කණිෂ්ට බැඞ්මින්ටන් ශූරයා වන සචින් ඩයස් අද (22 වැනිදා) සමත් විය.

චීන කී‍්‍රඩිකාවක වන හේ බින්ග්ජියාවෝ සමග එක්ව මිශ‍්‍ර යුගළ තරගයට ඉදිරිපත් වූ සචින් ඩයස්, එහි ලෝකඩ පදක්කම සඳහා අද පැවැති තරගයේදී තායිලන්ත කී‍්‍රඩක නැරොන්ග්රිට් මේක් සහ චීන කී‍්‍රඩිකා කුයින් ජින්ජින්ග් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් එම තරගය ජය ගත්තේය.

මූලික වටයේදී ‘එච්’ කාණ්ඩයෙන් මිශ‍්‍ර යුගළ ඉසව්වට සහභාගී වූ  සචින් ඩයස් සහ බින්ග්ජියාවෝ, එහිදී ජයග‍්‍රහණ 3 ක් අත්කර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වට 2-1 ක් ලෙස ඉන්දුනීසියානු කී‍්‍රඩක ඇන්තනී සිනිසුකා සහ ස්ලොවේනියානු කී‍්‍රඩිකා බේටන් කැත්රිනා පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත් වුවත්, අවසන් පූර්ව වටයේදී ජපාන කී‍්‍රඩක සුනයාමා කාන්ටා සහ චීන තායිපේ කී‍්‍රඩිකා ලී චියා හසින් හමුවේ තරග වට 2-1 ක් ලෙස පරාජය වීමත් සමග රන් සහ රිදී පදක්කම් කරා යෑමට තිබූ අවස්ථාව සචින් ඩයස් සහ බින්ග්ජියාවෝ දෙදෙනාගෙන් මඟහැරී ගියේය.


තෙවැනි ස්ථානය සඳහා තරගය
සචින් ඩයස් (ශ්‍රී ලංකාව) සහ හේ බින්ග්ජියාවෝ (චීනය) විසින් නැරොන්ග්රිට් මේක් (තායිලන්තය) සහ කුයින් ජින්ජින්ග් (චීනය) තරග වට 2-0 ක් ලෙස පරාජය කරන ලදී. (21/16, 21/18)

අවසන් පූර්ව තරගය
සුනයාමා කාන්ටා (ජපානය) සහ ලී චියා හසින් (චීන තායිපේ) විසින් සචින් ඩයස් (ශ්‍රී ලංකාව) සහ හේ බින්ග්ජියාවෝ (චීනය) තරග වට 2-1 ක් ලෙස පරාජය කරන ලදී. (21/14, 21/7, 21/19)

අර්ධ අවසන් පූර්ව තරගය
සචින් ඩයස් (ශ්‍රී ලංකාව) සහ හේ බින්ග්ජියාවෝ (චීනය) විසින් ඇන්තනී සිනිසුකා (ඉන්දුනීසියාව) සහ බේටන් කැතරිනා (ස්ලොවේනියාව) තරග වට 2-1 ක් ලෙස පරාජය කරන ලදී. (21/18, 17/21, 17/21)

 


අදහස් (1)

සචින් ඩයස්ගෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.