Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වරින් වර පැවැති පොද වැස්ස හේතුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශය අතඑ කාන්පූර් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය. පළමු දිනයේ ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටියේය.
දෙවැනි දිනයේදී කාන්පූර් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණ.
සුපර් සොපර් යන්ත්‍ර කිහිපයක් වරින් වර තණතීරු ආවරණ මත එහා මෙහා ගියද දිගින් දිගටම පැවැති පොද වැස්ස නිසා ඊට වඩා දෙයක් කිරීමට ක්‍රීඩාංගණ සේවකයෝ අපොහොසත් වූහ.
තරගය ආරම්භ වන ආකාරයක් නොදුටු දෙපිලේම ක්‍රීඩකයෝ පෙරවරු 10.20 වන විට ආපසු සිය හෝටල බලා පිටත්ව ගියහ. පස්වරු 2.00 වන විට විනිසුරුවරු දෙවැනි දිනයේ තරගය අතහැර දමන ලදි.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් මුල් දිනයේදී යැවිය හැකිවූයේ ඕවර 33 ක් පමණි. බංග්ලාදේශීහු ඒ අතරවාරවෙය්දී කඩුලු 3 කට ලකුණු 107 ක් ලබාගත්හ.
බංග්ලාදේශය - පළමු ඉනිම කඩුලු 3 ට 107 යි
(ශද්මන් ඉස්ලාම් 24, මොමිනුල් හක් නොදැවී 40, නජ්මුල් හොසේන් ශන්ටෝ 31, ආකාශ් දීප් 34/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.