Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර් සමාජ ක්‍රිකට් තරග කල් දමයි

අන්තර් සමාජ ක්‍රිකට් තරග කල් දමයි

editorial - 2022 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කමිටුව පියවර ගෙන තිබේ.

අද (8 වැනිදා) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනේ ප්‍රදේශ කිහිපයක් පුරා පැනවූ පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 12 ක් මෙලෙස කල් දැමීමට සිදුව තිබේ.

ලබන 12 වැනිදාට පෙර පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළහොත් එදින පැවැත්වීමට නියමිත තරග පෙර සැලසුම් කර තිබූ පරිදි පැවැත්වේ. අනිද්දා (10 වැනිදා) පැවැත්වීමට නියමිත තිබී කල් දැමුණු තරග නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ඇත.


මෙම සති අන්තයේදී කල් දැමුණු තරග
■ නාවික හමුදාව සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
■ මූවර්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
■ සී.සී.සී සහ නුගේගොඩ කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
■ පොලිස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
■ ලන්කන් සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
■ කෝල්ට්ස් සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
■ එස්.එස්.සී සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
■ ද්‍රවිඩ සංගමය සහ එන්.සී.සී කණ්ඩායම් අතර පී.සරා ඕවල්හිදී
■ මීගමුව සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර කටුනායක වෙළඳ කළාප ක්‍රීඩාංගණයේදී
■ කුරුණෑගල යොවුන් සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී
■ පානදුර සහ බී.ආර්.සී කණ්ඩායම් අතර පානදුර නගරසභා ක්‍රීඩාංගණයේදී
■ රාගම සහ යුදහමුදා කණ්ඩායම් අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

අන්තර් සමාජ ක්‍රිකට් තරග කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.