Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (14 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 11 ක් දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කමිටුව පියවර ගෙන තිබේ.
අද (13 වැනිදා) රාත්‍රියේ සිට හෙට පෙරවරු 5.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් මෙම තරග කල් දැමීමට සිදුව තිබේ.
කල් දැමුණු තරග
■ බදුරලිය සහ කොල්ට්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
■ සෙබස්තිනයිට්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
■ බ්ලූම්ෆීල්ඩ් සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
■ කළුතර ටවුන් සහ පොලිස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
■ එන්.සී.සී. සහ ලංකන් කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
■ නාවික හමුදා සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
■ බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
■ ගුවන් හමුදා සහ පානදුර කණ්ඩායම් අතර කටුනායක වෙළඳ කළාප ක්‍රීඩාංගණයේදී
■ කැන්ඩි කස්ටම්ස් සහ රාගම කණ්ඩායම් අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී
■ ගාල්ල සහ සී.සී.සී. කණ්ඩායම් අතර කළුතර යුද හමුදා ක්‍රීඩාංගණයේදී
■ යුද හමුදා සහ මීගමුව කණ්ඩායම් අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.