Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අභියාචනා යොමු කිරීම 28 දා අවසන්

අභියාචනා යොමු කිරීම 28 දා අවසන්

ශනුක අරවින්ද - 2019 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත් වී ඇති නාමයෝජනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අභියාචනා කමිටුවට අභියාචනා යොමු කිරීමේ දින හතක කාලය මේ මස 28 වැනිදා පස්වරුවේ අවසන් වීමට නියමිතය.

අභියාචනා ඉදිරිපත් කිරීමට අදාල නිවේදනය ක්‍රීඩා අමාත්‍යංශය ඊයේ (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ට තැපැලෙන් යොමු කර ඇති බව වාර්තා වේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා එම අභියාචනා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය සහ විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධර්මසේන කහඳව මහතා අභියාචනා කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.


අදහස් (0)

අභියාචනා යොමු කිරීම 28 දා අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.