Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයර්ලන්තය කඩුලූ 4 කින් කොදෙව්වන් පරදයි

අයර්ලන්තය කඩුලූ 4 කින් කොදෙව්වන් පරදයි

ශනුක අරවින්ද - 2015 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල සහ අයර්ලන්තය අතර අද (16 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට අයර්ලන්තය සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 308 ඉලක්කයක් හඹාගිය අයර්ලන්තය පන්දු 25 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

මෙම තරගාවලියේ දෙවැනි වරට පන්දුවට පහරදුන් කණ්ඩායමක් තරගය ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය හැදින්විය හැකිය. මින් පෙර පැවැති තරග හතරේදීම පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම ලකුණු 300 සීමාව ඉක්මවා ගිය අතර ඔවුහු එම තරග ජයග‍්‍රහණය කළහ.

මෙම තරගයේදීද පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල ලකුණු 300 සීමාව ඉක්මවා ගිය නමුත් ඔවුන්ට එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට නොහැකි විය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ නීල්  ඕ’බ‍්‍රයන් පන්දු 60 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන ගියේය.

අයර්ලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පෝල් ස්ටෙයාර්ලින් (92) සහ එඞ් ජෝයිස් (84) තම කණ්ඩායමේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

පන්දු 84 කදී වාර්තා වූ පෝල් ස්ටෙයාර්ලින්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 67 කදී වාර්තා වූ එඞ් ජෝයිස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.

අයර්ලන්ත පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 23 ක් ලබාසිටි නායක විලියම් පොටර්ෆීල්ඞ්, කි‍්‍රස් ගේල්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක ඩිනේෂ් රැුම්ඩින් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

කොදෙව් පිලේ වැඩිම කඩුලූ ලාභියා වූ ජෙරම් ටේලර් ලකුණු 71 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 307 ක් ලබාගත්තේය.

එහිදී කොදෙව් පිලේ 6 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලෙන්ඞ්ල් සිමන්ස් පන්දු 84 කින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.

කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව කරා ඔසවා තැබීම සඳහා සිමන්ස්ට මනා සහයක් දුන් ඩැරන් සැමී, පන්දු 67 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් වේගවත් ලකුණු 89 ක් ලබාගත්තේය.

ඉනිමේ අවසන් පන්දු කිහිපයේදී දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 27 ක් රැස්කිරීමට ඇන්ඩි‍්‍ර රසල් සමත් වූ අතර ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 13 ක් පමණි.

කොදෙව් ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 30 කට සීමා කිරීමට අයර්ලන්ත පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක කෙවින්  ඕ‘බ‍්‍රයන් සමත් වූ අතර මන්දගාමී පිතිහරඹයක නිරත වූ කි‍්‍රස් ගේල්ට අද දිනයේදී පන්දු 65 කට මුහුණ දෙමින් රැස්කරගත හැකිවූයේ ලකුණු 36 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෝර්ජ් ඩොක්රෙල් ලකුණු 50 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.

කොදෙව් පිල -  ඕවර 50 කදී කඩුලූ 7 කට 304
(ඞ්වේන් ස්මිත් 18, කි‍්‍රස් ගේල් 36, මාලන් සැමුවෙල්ස් 21, ලෙන්ඞ්ල් සිමින්ස් 102, ඩැරන් සැමී 89, ඇන්ඩි‍්‍ර රසල් 27, ජෝර්ජ් ඩොක්රෙල් 50/3)

අයර්ලන්තය -  ඕවර 45.5 කදී කඩුලූ 6 කට 307
(විලියම් පොටර්ෆීල්ඞ් 23, පෝල් ස්ටෙයාර්ලින් 92, එඞ් ජෝයිස් 84, නීල්  ඕ’බ‍්‍රයන් නොදැවී 79, ජෙරම් ටේලර් 71/3)

036


අදහස් (0)

අයර්ලන්තය කඩුලූ 4 කින් කොදෙව්වන් පරදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.