Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. ප්‍රධාන අනුග්‍රහය ටාටා සමාගමට

අයි.පී.එල්. ප්‍රධාන අනුග්‍රහය ටාටා සමාගමට

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ටාටා සමාගම එක්කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව ඉන්දීය ජාතික සමාගමක් වන ටාටා සමාගම මෙම වසරේ (2022) සිට අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහාකයා ලෙස කටයුතු කරනු ඇත.

මින් පෙර අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහාකයා ලෙස කටයුතු කරනු ලැබුවේ චීන දුරකතන සමාගමක් වන විවෝ සමාගම විසිනි.

ඉන්දියාව සහ චීනය අතර පැවැති දේශ සීමා ගැටලුව හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවෝ සමාගම සමග පැවැති ගිවිසුම 2020 වසරේදී තාවකාලිකව අත්හිටවූ නමුත් ඉකුත් වසරේදී (2021) එම සමාගම යළිත් වරක් අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහාකයා ලෙස කටයුතු කළේය.

“මෙම වසරේදී ගිවිසුම අවසන් කිරීමට විවෝ සමාගමට අවශ්‍ය වුණා. ඒ නිසා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස දේශීය සමාගමක් සමග ගිවිසුම්ගත වෙන්න අපි තීරණය කළා.” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ විවෝ සමාගම අතර පැවැති ගිවිසුමට අනුව අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම වෙනුවෙන් විවෝ සමාගම වසරකට ඉන්දීය රුපියල් කෝටි 440 ක මුදලක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවිය යුතව තිබිණ. 

-036


අදහස් (0)

අයි.පී.එල්. ප්‍රධාන අනුග්‍රහය ටාටා සමාගමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.