Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අර්ධ අවසන් පූර්ව තරග හෙට

අර්ධ අවසන් පූර්ව තරග හෙට

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අද (16 වැනිදා) පැවැත්වේ.

අර්ධ අවසන් පූර්ව වටය සඳහා සී.සී.සී සහ මීගමුව (ඒ කාණ්ඩය), එන්.සී.සී සහ කෝල්ට්ස් (බී කාණ්ඩය), එස්.එස්.සී සහ කුරුණෑගල යොවුන් (සී කාණ්ඩය), යුදහමුදාව සහ රාගම (ඩි කාණ්ඩය) යන කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිති.

මූලික වටයේ තරග ඉරිදා (14 වැනිදා) අවසන් වූ අතර තියුණු තරගයකින් පසුව අර්ධ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 8 ක් සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.

තරගාවලියේ අවසන් පූර්ව තරග 18 වැනිදා  එන්. සී. සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහා තරගය 20 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.


අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වෙන ආකාරය

■    සී.සී.සී සහ රාගම කණ්ඩායම් අතර
■    එන්.සී.සී සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර
■    එස්.එස්.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර
■    යුද හමුදාව සහ මීගමුව කණ්ඩායම අතර

 


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.