Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අලංකාරගෙන් අලංකාර ශතකයක්

අලංකාරගෙන් අලංකාර ශතකයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන පළඟ ශූරතාවලියේ බදුරලිය සහ මූවර්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 325 ක් රැස්කිරීමට බදුරලිය පිල සමත්විය.

ඉනිම ඇරඹූ බදුරලිය කණ්ඩායමේ නායක අලංකාර අසංක ශතකයක් ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය. පන්දු 284 කට මුහුණදුන් අලංකාර අසංක හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 119 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේය.

අලංකාර අසංක සහ කෝසල කුලසේකර හයවැනි කඩුල්ල සඳහා ලකුණු 191 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

තවත් තරග 2 ක් බ්ලූම්ෆීල්ඞ් සහ මූවර්ස් යන ක්‍රීඩාංගණවලදී අද ආරම්භවූ අතර බී.ආර්.සී පිලේ තිලකරත්න සම්පත් (105) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


බදුරලිය සහ මූවර්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

බදුරලිය 325/5

බදුරලිය - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 325
(අලංකාර අසංක නොදැවී 119, සාලින්ද උෂාන් 41, කෝසල කුලසේකර නොදැවී 94, අනුක් ප්‍රනාන්දු 40/2, ශිරාන් ප්‍රනාන්දු 58/2)


බී.ආර්.සී සහ රාගම කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී 291, රාගම 60/3

බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 291
(දේශාන් ඩයස් 30, භානුක රාජලක්ෂ 36, රමින්ද විජේසූරිය 24, තිලකරත්න සම්පත් 105, හෂේන් රාමනායක 40, විකුම් සංජය 37, කල්හාර සේනාරත්න 63/4, ජනිත් ලියනගේ 43/2, මොහොමඞ් අලී 45/2)

රාගම - පළමු ඉනිම - ඕවර 22 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 60
(ශෙහාන් ප්‍රනාන්දු 28, සමීර ද සොයිසා නොදැවී 21)


මීගමුව සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

මීගමුව 274/8

මීගමුව - පළමු ඉනිම - ඕවර 86 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 274
(ප්‍රසංසන ජයමහ 73, දිලාශ්‍රී ලොකුබණ්ඩාර 33, ඇන්ජලෝ ජයසිංහ 31, සහන් ආරච්චිගේ 69, හෂාන් විමර්ෂන 49/3, චානක කොමසාරූ 56/2, චමින්ද බණ්ඩාර 89/2)

 


අදහස් (0)

අලංකාරගෙන් අලංකාර ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.