Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අල්ලස් දෙන්න ගිය විශේෂඥයාගේ වැඩ තහනම්

අල්ලස් දෙන්න ගිය විශේෂඥයාගේ වැඩ තහනම්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අල්ලස් දීමට තැත්කළ බවට චෝදනා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පිහිටි තාක්‍ෂණ මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි ඔහුගේ සේවය ඊයේ (21) සිට නිලවශයෙන් අත්හිටුවා තිබේ.

ඔහුගේ ජංගම දුරකථනය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන අංශ බාරයට ගෙන තිබේ.  
තමන්ට ද කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට අල්ලස් දීමට සූදානම් වූ බවත් ඒ පිළිබඳව තමන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණි කළ බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා බී.බි.සී. සිංහල සේවයට පවසා තිබුණි.

පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයෙන් කළ දැනුම්දීමක් මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන තිබේ.

“අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් අපට දැනුම් දීමක් කළා මේ තැනැත්තාට විරුද්ධව පරීක්‍ෂණයක් පැවැත්වෙනවා කියලා. ඒ අනුව අපි එයාගේ වැඩ තහනම් කළා” යයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් පැවසීය.

මෙම පුද්ගලයා කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකයා ලෙස ද කටයුතු කළේය. පසුව ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලටද සේවය ලබාදුන් අතර මොහු මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ක්‍රීඩකයන් සමඟ හෝටල් කාමරයේ මත්පැන් පානය කළ බවට ද චෝදනා එල්ල විය.

මෙම ක්‍රිකට් විශේෂඥයා ජාතික කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට විවිධ පහසුකම් සැපයීම මගින් ඔවුන් සමග සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටින බවද තතු දන්නෝ පවසති. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ස්ථිර සේවකයෙකි.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වන බව මෙම තැනැත්තා පවසා ඇති බවත් ඇමතිවරයා සමඟ සිටින ඡායාරූපද හිතවතුන්ට පෙන්වා ඇති බවත් වාර්තා වේ.

 

 


අදහස් (0)

අල්ලස් දෙන්න ගිය විශේෂඥයාගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.