Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස අවුරදු 19 න් පහළ අන්තර් පාසල් II කොටසේ ක්‍රිකට් තරගාවයේ අවසන් වටයේ තරග සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අප්‍රේල් 20 වැනිදා ද, අවසන් පූර්ව තරග අප්‍රේල් 25 වැනිදා ද, අවසන් මහ තරගය අප්‍රේල් 30 වැනිදා ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරගාවලිය මෙම සතියේදී ආරම්භ වූ අතර එහි මූලික වටයේ තරග අප්‍රේල් මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. කොරෝනා වසංගතය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් මෙම වසරේ තරගාවලිය සීමිත ඕවර තරගාවලියක් ලෙස පැවැත්වේ.
විදුහල් අතර එකඟතාවෙන් පැවැත්වෙන සම්ප්‍රදායික තරග දෙදින තරග ලෙස පැවැත්වේ.
කණ්ඩායම් 35 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන II කොටසේ ක්‍රිකට් තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකකින් සමන්විත වේ. එහිදී ‘ඒ’ කාණ්ඩය යටතේ කණ්ඩායම් 18 ක්ද, ‘බී’ කාණ්ඩය යටතේ කණ්ඩායම් 17 ක්ද තරග වදියි.
තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 070-5090054 යන දුරකතන අංකය ඔස්සේ පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් මහතා හෝ 070-5090052 යන දුරකතන අංකය ඔස්සේ වයස 19 න් පහළ තරග ලේකම් නිශාන්ත කුමාර මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.
‘ඒ’ කාණ්ඩය
‘එක්ස්’ අනු කාණ්ඩය
පානදුර ශ්‍රී සුමංගල විදුහල, පිළියන්දල මැදි විදුහල, පානදුර ශාන්ත ජෝන් විදුහල, මීගමුව ශාන්ත පීතර විදුහල, කළුතර විද්‍යාලය, ගලහිටියාව මැදි විදුහල
‘වයි’ අනු කාණ්ඩය
පාදුක්ක සිරි පියරතන විදුහල, කළුතර තිස්ස මැදි විදුහල, කළුතර සිරි කුරුස විදුහල, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, අනුරාධපුර මැදි විදුහල
‘ඉසෙඩ්’ අනු කාණ්ඩය
මාතර රාහුල විදුහල, යාපනය ශාන්ත ජෝන් විදුහල, කරන්දෙණිය මැදි විදුහල, කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, මහනුවර විද්‍යාර්ථ විදුහල
‘බී’ කාණ්ඩය
‘එක්ස්’ අනු කාණ්ඩය
කෑගල්ල ශාන්ත මරියා විදුහල, කෝට්ටේ ජනාධිපති විදුහල, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ විදුහල
‘වයි’ අනු කාණ්ඩය
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල, කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල, හේනෙගම මැදි විදුහල, පානදුර රාජකීය විදුහල, කෑගලු විද්‍යාලය
‘ඉසෙඩ්’ අනු කාණ්ඩය
බලපිටිය රේවත විදුහල, හොරණ තක්ෂිලා මැදි විදුහල, හලාවත ශාන්ත මරියා විදුහල, ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල, මාතලේ ශාන්ත තෝමස් විදුහල, කොළඹ අශෝක විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.