Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් පූර්ව තරගය හෙට
17න් පහළ ක්‍රිකට් ‍

අවසන් පූර්ව තරගය හෙට

editorial - 2024 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන අවුරුදු 17 න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (10) ගොඩිගමුව එම්. බී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලය අතර මෙම තරගය පැවැත්වෙයි. 

අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය පරාජයට පත් කරමින් ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. හොරණ ශ්‍රීපාලි විද්‍යාලය සහ මහරගම ජනාධිපති විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා විසඳුමකින් තොරව අවසන්විය. එහෙත් තරග කොන්දේසි අනුව පෙර තරග වටය දක්වා උපයාගත් වැඩිම ලකුණු සාමාන්‍යය හිමිකරගත් හොරණ ශ්‍රීපාලි විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය රන්දෙව් ප්‍රියදර්ශන විසින් මෙහෙයවනු ලබන අතර, හොරණ ශ්‍රීපාලී විද්‍යාලය දනුජ සේජාන් විසින්  මෙහෙයවනු ලබයි. 

 


ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයීය  සංචිතය: 
රන්දෙව් ප්‍රියදර්ශන (නායක), උපේක සෙනවිරත්න, සංදීප බණ්ඩාරවත්ත, ශ්‍රීධරන් රෝහිත්, උදිත සෙනරත්, සස්මිත වීරසිංහ, සුසාර කුමාරගේ, ගිම්හාන් ගන්නෝරුව, මෙතුක නෙත්විඳු, විදුර තේජාන්, උමාල් තේනුක, හසිඳු අබේවික්‍රම සහ අභිලාෂ් වීරවර්ධන
• සම්පත් ද සිල්වාමහතා (පුහුණුකරු), ලක්ෂ්මන් කෝට්ටේගොඩආරච්චි මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

 

 


හොරණ ශ්‍රීපාලී විද්‍යාලයීය සංචිතය: 
දනුජ සේජාන් (නායක), රුක්මාල් වීරසිංහ, නෙවන් චන්දුල්, සසෙන් දෙව්සත්, යුමාල් යසින්ත, පූර්ණ අර්චන, ෂෙහාන් දීමන්ත, මුදිත නවාංජන, රනිෂ්ක කෞශල්‍ය, තේනුක භවන්ත, තරුෂ සත්සර, නවිරු නෙත්යුග සහ සේමිත ගිත්සර
• මහීප ගමගේ මහතා (ප්‍රධාන පුහුණුකරු), සුසිරි කිඳෙල්පිටිය මහතා (සහාය පුහුණුකරු), ප්‍රසාද් මධුසංක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)


අදහස් (0)

අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.