Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් පූර්ව තරග දෙකක් අනුරාධපුරයේදී හෙට ඇරඹෙයි
19න් පහළ ක්‍රිකට්

අවසන් පූර්ව තරග දෙකක් අනුරාධපුරයේදී හෙට ඇරඹෙයි

editorial - 2025 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘ඒ‘ තලයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය හෙට (12 දා)  ඇරඹෙයි. තුන්දින තරග ලෙස සැළසුම් කර ඇති මෙම අවසන් පූර්ව තරග අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී සහ අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු පිටියේදී පැවැත්වේ.   

ශාන්ත සෙබස්තියන් විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර තරගය අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ත්‍රිත්ව විදුහල සහ රාජකීය විද්‍යාලය අතර තරගය සාලියපුර ගජබා රෙජිමේන්තු පිටියේදී පැවැත්වේ. 
අර්ධ අවසන් පූර්ව වටයේදී ජය ලැබූ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ පසුගිය වසරේ අනු ශූරයින් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවමින් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව තරගයේදී තම සම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල පිල රයන් දිසානායක විසින් මෙහෙයවනු ලබන අතර කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල පිල කෙනත් ලියනගේ විසින් මෙහෙයවනු ලබයි.

කොළඹ රාජකීය විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.  අර්ධ අවසන් පූර්ව වටයේදී තම   සම්‍දායික ප්‍රතිවාදීන් වන  ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් රාජකීයයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තම කාණ්ඩයේ සිව්වැනි ස්ථානයට පත්වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ මහානාම විද්‍යාලය පරදවමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාල පිල මලිත් රත්නායක විසින්  මෙහෙයවනු ලබන අතර, රමිරු පෙරේරා කොළඹ රාජකීය විද්‍යාල පිල මෙහෙයවයි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය සංචිතය: 
රයන් දිසානායක (නායක), අදේෂ් අල්මේදා (උප නායක), නවෝද් ප්‍රනාන්දු, උෂේන් සිල්වා, මලින්ත සිල්වා, කවීෂ පෙරේරා, ෂෙෆාන් ප්‍රනාන්දු, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, ෂෙනූෂ් ප්‍රනාන්දු, ආකාෂ් දිසානායක, මෙසොන් ෆර්ඩිනැන්ඩෝ, ෂෙනාස් හසේන්, ලෂේන් ප්‍රනාන්දු, රිසිනු ප්‍රබේෂ්, සෙන්දිනු පීරිස් සහ ෂෙනොන් ද සිල්වා 
කනිෂ්ක පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), පසන් වනසිංහ (ප්‍රධාන පුහුණුකරු), මොහොමඩ් අසාර් (සහාය පුහුණුකරු). පුබුදු ප්‍රභාත් (සහාය පුහුණුකරු), කැළුම් පෙරේරා (සහාය පුහුණුකරු)
   
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයීය සංචිතය: 
කෙනාත් ලියනගේ (නායක), අභිෂේක් ජයවීර, යෙනුල දෙව්තුස, මානස මධුභාෂණ, දුනික් පෙරේරා, සෙනුජ වැකුණගොඩ, අවීෂ සමාෂ්, කිත්මින් ද සිල්වා, රිෂ්ම අමරසිංහ, යෙනුල දන්තනාරායන, ඩේමියන් ද සිල්වා, නුශාන් පෙරේරා, ෂෙනාල් සුරවීර, කවිත් ප්‍රනාන්දු, ප්‍රබුද්ධ තලහිටියාගල සහ නිම්තක ගුණවර්ධන, 
ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය), ලක්මාල් ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), මිරංග වික්‍රමගේ (සහාය පුහුණුකරු), ළහිරු වික්‍රමසිංහ (සහාය පුහුණුකරු)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය සංචිතය: 
මලිත් රත්නායක (නායක), වතිල උදාර, දීමන්ත මහවිතාන, තිසල් යාපා, රජිඳු තිලකරත්න, ස්වේත් අනුරජීව, පුලිෂ තිලකරත්න, ආදම් හිල්මි, චනිරු සේනාරත්න, ඩිනාල් ප්‍රනාන්දු, සෙත්මික  සෙනෙවිරත්න, රනුල් ගුණරත්න, මහේන්ද්‍ර අබේසිංහ, කනිල්ක ඇන්තනී, ප්‍රවීන් රත්නායක, ඕෂණ ලොකුගේ, විදුනෙත් ​​ධම්මගේ. කවිඳු ජයරත්න සහ ජයවි ලියනගම, 
බ්‍රයන් සේනාරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු), තිසරු ඩිල්ෂාන් (සහාය පුහුණුකරු), බන්දුල පුෂ්පකුමාර (අභ්‍යාසක), තිලංක දිසානායක (භෞත චිකිත්සක)  
 
කොළඹ රාජකීය විද්‍යාලයීය සංචිතය: 
රමිරු පෙරේරා (නායක), රෙහාන් පීරිස්, රනුක මලවිආරච්චි, යසිඳු දිසානායක, ඉසුල ගීගනගේ, යෙනුල බණ්ඩාර, විමත් දින්සර, කාලීඩ් රහීම්ඩීන්, හිරුන් ලියනාරච්චි, සඳුල් අබේවර්ධන, රයන් සුගතදාස, අනුෂ් පොලොන්නෝවිට, කුචිල රන්මණ්ඩල, ෂේන් අබේරත්න, දුෂේන් උඩවෙල, තරුල් අම්පෙමොහොට්ටි, චනිතු කංකානම්ගේ, තෙවිඳු වේවැල්වල, අනික් ප්‍රනාන්දු සහ උදන්ත ගඟේවත්ත 
අනුර ප්‍රසාන්ත (ක්‍රිකට් භාර ආචාර්ය), ගාමිණී පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු, (සහාය පුහුණුකරු)


අදහස් (0)

අවසන් පූර්ව තරග දෙකක් අනුරාධපුරයේදී හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.