Last Update  :  2025-04-26 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසලංකගේ ශතකයෙන් කොළඹ හිස ඔසවයි
ජාතික සුපිරි ලීගය

අසලංකගේ ශතකයෙන් කොළඹ හිස ඔසවයි

editorial - 2025 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 341 ක් ලබා සිටියේය. 

ඒ අනුව කොළඹ කණ්ඩායම තවත් කඩුලු 4 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 94 ක් පසුපසින් සිටියි. දෙවැනි දිනය නිමාවට පත්වන විට දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් සිටි නායක චරිත් අසලංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් සමග නොදැවී ලකුණු 142 ක්ද, රෙනේෂ් සිල්වා හතරේ පහරක් සමග නොදැවී ලකුණු 19 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

පෙරේදා (22 වැනිදා) තරගය නිමාවට පත්වන විට කඩුල්ලක් දැවී ලකුණු 85 ක් ලබා සිටි කොළඹ ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 256 ක් එක්කර ගත්හ. එහිදී අවිෂ්ක ප්‍රනාන්දු (53) සහ ධනංජය ලක්ෂාන් (60) අර්ධ ශතක ලැබූහ. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ නිසල තාරක කඩුලු 2 බැගින් දවාගත්හ. 


ගාල්ල පළමු ඉනිම - ඕවර 136.2 කදී සියලු දෙනා දැවී 435 
(දිනෙෂ් චන්දිමාල් 132, දුනිත් වෙල්ලාලගේ 21, රමේෂ් මෙන්ඩිස් 72, නිසල තරක 76, දිලුම් සුදීර 66, ධනංජය ලක්ෂාන් 99/5) 

කොළඹ පළමු ඉනිම - ඕවර 96 කදී කඩුලු 6 ක් දැවී 341 
(අවිෂ්ක ප්‍රනාන්දු 53, ධනංජය ලක්ෂාන් 60, සනෝජ් දර්ෂික 18, චරිත් අසලංක නොදැවී 142, කවීන් බණ්ඩාර 40, රනේෂ් සිල්වා 19, දුනිත් වෙල්ලාලගේ 46/2, නිසල තාරක 69/2) 

-036 


අදහස් (0)

අසලංකගේ ශතකයෙන් කොළඹ හිස ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.