Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉකුත් වසරේ ශූරයන් වූ වේල්ස් කුමර විදුහල සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (5 වැනිදා) සහ අනිද්දා (6 වැනිදා) පැවැත්වේ.
පසුගියවර අනුශූරයන් වූ මහින්ද විදුහල, මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වීම සුවිශේෂී සිදුවීමක් විය.
අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් සෙසු කණ්ඩායම් වනුයේ රත්ගම දේවපතිරාජ විදුහල, පානදුර රාජකීය විදුහල, කළුතර තිස්ස විදුහල, කෝට්ටේ ආනන්ද ශ්රාස්ත්රාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, කොළඹ රාජකීය විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහලයි.
තරගාවලියට කණ්ඩායම් 75 ක් සහභාගි වූ අතර එම කණ්ඩායම් මූලික වටයේදී කාණ්ඩ 11 ක් යටතේ ලීග් ක්රමයට තරග වැදිණි. ඉන් කණ්ඩායම් 32 ක් දෙවැනි වටය සඳහා තොරාගනු ලැබූ අතර එහිදී ඔවුන් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදිණ.
එම කණ්ඩ 8 හි ශූරයන් සහ අනුශූරයන් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එතැන් සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්රමයට අනුව පැවැත්වේ.
අර්ධ අවසන් පූර්ව වටයේ කාලසටහන
හෙට (5 වැනිදා)
පානදුර රාජකීය විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර පානදුරේදී
කළුතර තිස්ස විදුහල සහ කෝට්ටේ ආනන්ද ශ්රාස්ත්රාලය අතර කළුතරදී
අනිද්දා (6 වැනිදා)
මොරටුව වේල්ස් කුමර විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර මොරටුවේදී
කොළඹ රාජකීය විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කොළඹදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.