Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 30 දා සිට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 30 දා සිට

editorial - 2023 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා පාකිස්තානයේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

මූලික වටයේ තරග 3 ක් සහ සුපිරි 4 දෙනාගේ වටයේ තරගයක් පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම තරග 4 හැරුණුකොට සෙසු තරග සියල්ලම ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. පාකිස්තානයේ පැවැත්වෙන තරග මුල්තාන්හිදී සහ ලාහෝර්හිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග මහනුවරදී සහ කොළඹදී පැවැත්වේ.
මූලික වටයේදී පාකිස්තානය, ඉන්දියාව සහ නේපාලය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. මූලික වටයේ ප්‍රතිඵලය කුමක් වුවත් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නේ නම් පාකිස්තානය ‘ඒ’ කාණ්ඩායේ පළමු වැනියා ලෙසද, ඉන්දියාව ‘ඒ’ කාණ්ඩායේ දෙවැනියා ලෙසද සුපිරි 4 දෙනාගේ වටයට පිවිසිසෙනු ඇත.

එමෙන්ම මූලික වටයේ ප්‍රතිඵලය කුමක් වුවත් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ලෙසද, බංග්ලාදේශය ‘බී’ කාණ්ඩයේ දෙවැනියා ලෙසද සුපිරි 4 දෙනාගේ වටයේදී තරග වදිනු ඇත. නේපාලය හෝ ඇෆ්ඝනිස්ථානය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නේ නම් ඉහත කී කණ්ඩායම් අතරින් ඉවතට විසිවන කණ්ඩායමේ ස්ථානය ඔවුන්ට හිමිවනු ඇත.

සුපිරි 4 දෙනාගේ වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර එම වටය අවසානයේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටින කණ්ඩායම් අතර සැප්තැම්බර් මස 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 30 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.