Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇන්ඩසන්, බ්‍රෝඞ් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ගෙල මිරිකති

ඇන්ඩසන්, බ්‍රෝඞ් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ගෙල මිරිකති

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

‘අළු බඳුන’ කා සතුවන්නේද යන්න දැනටමත් තීරණය වී අවසන් නමුත් තරගකාරීත්වයෙන් කිසිදු අඩුවක් නැති ‘අළු බඳුන’ තරගාවලියේ සිවුවැනි තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 164 කට කඩුලූ 9 ක් දැවී අසරණ වී සිටියේය.
 
එංගලන්ත මුල් ඉනිම ලකුණු 255 කට සීමා වූ නමුත් තම ගෞරවය රැකගැනීටමේ සටන අත් නොහළ පන්දු යවන්නෝ දිනය නිමා වන විට  ඕස්ටේ‍්‍රලියානු ලකුණු පුවරුව කඩුලූ 9 කට 164 ක් දක්වා සීමා කරමින් බොක්සිං දින ටෙස්ට් තරගයත් ජයගැනීමේ පිඹුරුපත් සකස් කරමින් සිටි  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ගෙල මිරිකාගෙන සිටියහ.

පළමු ඉනිමේ එකම කඩුල්ලක් පමණක් අතැතිව,  ඕස්ටේ‍්‍රලියානු පිල ඒ වන විටත් එංගලන්තයට වඩා ලකුණු 91 ක් පසුපසින් සිටියේය. මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය සඳහාත් නරඹන්නෝ 78,000 කට වැඩි පිරිසක් පැමිණ සිටියහ. පළමු දිනය වූ ඊයේ නරඹන්නන් 91,092 තරගය නැරඹීම සඳහා පැමිණි අතර එය ටෙස්ට් තරගයක් නැරඹීම සඳහා දිනයක් තුළ පැමිණි විශාලතම පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාව වශයෙන් ලෝක වාර්තා පොතට එක්විය.

කෙසේ වෙතත්  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් සටන්කාමී  පිතිහරඹයක යෙදෙමින් සිටි බ‍්‍රැඞ් හැඩින් ලකුණු 43 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

පළමු ටෙස්ට් තරග තුනම පරාජය වීමෙන් පසුව ‘අළු බඳුන’ අහිමි කරගත් එංගලන්ත කී‍්‍රඩකයෝ, 5-0 ක පරාජයකට සූදානම් වන්න’යි කී  ඕස්ටේ‍්‍රලියානු නායකයාගේ කටමැත දෙඞීම් හමුවේ නව ජීවයක් ලද්දවුන් මෙන් කි‍්‍රයාශීලී වී සිටියහ.

”මේ වගේ දවස් හැමදාම එන්නේ නෑ. මේ තරගාවලියේදී මොනවාහරි දෙයක් කරන්න අපිත් බලාගෙන ඉන්නේ” යයි ජේම්ස් ඇන්ඩසන් පැවසීය.
 
දිවා ආහාරයට පෙර පන්දු යැවීම ඇරඹූ එංගලන්ත පන්ද යවන්නෝ, තේ පානය සඳහා තරගය නතර කිරීමට පෙර, ලකුණු 96 කට  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් තිදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවීමටද සමත් වූහ.

ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවක් වැදීමෙන් කි‍්‍රස් රොජර්ස්ගේ දකුණු කනට පහළින් රුධිරය ගලා ආවද ඒ ගැන තැකීමක් නොකළ  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරුවා තේ පානය වන විට නොදැවී ලකුණු 50 ක් ලබාගනිමින්  ඕස්ටේ‍්‍රලියානු පිල ඉදිරියට කැඳවාගෙන යමන් සිටියද අවසානයේදී ලකුණු 61 කට දැවී ගියේය.

පළමු දිනය අවසන් වන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටි එංගලන්ත පිලේ අවසන් කඩුලූ හතරම ලකුණු 29 කට බිම දැමූ  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ, කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුවෙන් පන්දු යැවීමට සිය නායකයා ගත් තීරණය නිවැරදි බවට තහවුරු කළහ. ලකුණු 65 කට කඩුලූ 5 ක් දවාගත් මිචෙල් ජොන්සන්ගේ තර්ජනාත්මක පන්දු යැවීමක් හමුවේ එංගලන්ත ඉනිම අවසන් කිරීමට  ඕස්ටේ‍්‍රලියානුවන්ට ගතවූයේ පැයකටත් අඩු කාලයකි.
 
පළමු ටෙස්ට් තරග දෙකේදීම තරගයේ වීරයා වෙමින් මෙම තරගාවලියේදී මේ දක්වා කඩුලූ 5 ඉනිම 3 ක් සම්පූර්ණ කළ මිචෙල් ජොන්සන් තමන්ගේ පන්දු යැවීම ගැන තරගයෙන් පසුව පැවසුවේ සියල්ලම නිසි ආකාරයෙන් සිදුවීගෙන යන බවයි.

”මා එයින් උපරිම වින්දනයක් ලබනවා. ඒත් මම එහි ගෞරවය සම්පූර්ණයෙන්ම අත්කරගන්නේ නෑ. මොකද අපි පන්දු යැවීමේ ඒකකයක් වශයෙන් ඉතාමත් හොඳින් පන්දු යවනවා” යයිද ජොන්සන් පැවසීය.

 ඕස්ටේ‍්‍රලියානු ඉනිම ආරම්භ වීමෙන් පසුව ඉතාමත් අසීරුවෙන් පන්දුවට මුහුණ දුන් ඬේවිඞ් වෝනර් පන්දුව එකතැන ඉහළ යවමින් කඩුලූ රකින්නාට උඩපන්දුවක් දුන්නේය. ෂේන් වොට්සන්ට පිටියේ රැුඳී සිටිය හැකි වූයේ තවත් ස්වල්ප වේලාවකි


එංගලන්තය -පළමු ඉනිම 255
(ඇලිස්ටෙයාර් කුක් 27, මයිකල් කාබෙරි 38, ජෝ රූට් 24, කෙවින් පීටර්සන් 71, ඉයන් බෙල් 27, බෙන් ස්ටෝක්ස් 14, ජොනී බෙයාර්ස්ටෝ 10, ස්ටුවර්ට් බ්‍රෝඞ් 11, ජේම්ස් ඇන්ඩසන් නොදැවී 11, රයාන් හැරිස් 47/2, මිචෙල් ජොන්සන් 65/5, පීටර් සිඞ්ල් 50/1, නේතන් ලයන් 67/1, ෂේන් වොට්සන් 11/1)

ඕස්ටේ‍්‍රලියාව -පළමු ඉනිම කඩුලූ 9 ට 164
(කි‍්‍රස් රොජර්ස් 61, ෂේන් වොට්සන් 10, මයිකල් ක්ලාක් 10, ස්ටීවන් ස්මිත් 19, බ‍්‍රැඞ් හැඩින් නොදැවී 43, ජේම්ස් ඇන්ඩසන් 50/3, ස්ටුවර්ට් බ්‍රෝඞ් 30/3, බෙන් ස්ටෝක්ස් 38/1, ටින් බ්‍රෙස්නන් 24/2)

 


අදහස් (1)

ඇන්ඩසන්, බ්‍රෝඞ් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ගෙල මිරිකති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.