Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ගනිස්තානයට කඩුල්ලක තියුණු ජයක්

ඇෆ්ගනිස්තානයට කඩුල්ලක තියුණු ජයක්

ශනුක අරවින්ද - 2015 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 17 වැනි තරගය ලෙස ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර නවසීලන්තයේ ඩනෙඞීන් නුවරදී අද (26 වැනිදා) පැවැති ‘එ්’ කාණ්ඩයේ තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

ඇෆ්ගනිස්තාන පිල ලෝක කුසලාන තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. ජයග‍්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කී‍්‍රඩකයෝ  ඕවර පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලූ 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ජයග‍්‍රහණයේ නියමුවා වූ සමිවුල්ලා ෂෙන්වාරි පන්දු 147 කට මුහුණ දෙමින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 96 ක් රැස්කළේය.

ලකුණු 132 කට කඩුලූ 8 ක් දැවී ඇෆ්ගනිස්තාන පිල අසීරු තත්ත්වයකට මුහුණ පා සිටි අවස්ථාවේ හමීඞ් හසන් (11) සමග එක්ව පන්දු 72 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන යෑමටද ෂෙන්වාරි සමත් විය.

ඇෆ්ගනිස්තාන පිලේ ආරම්ක පිතිකරු ජවෙද් අහමදි පන්දු 51 කදී ලකුණු 51 ක් ලබා සිටියදී රිචී බෙරිග්ටන්ගේ පන්දුවක් හමුවේ මැට් මචන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

ලකුණු 40 කට කඩුලූ 4 ක් දවාගත් රිචී බෙරින්ටන් ස්කොට්ලන්ත පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිලට  ඕවර 50 අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 210 ක් පමණි.

ස්කොට්ලන්ත පිලේ කඩුලූ 8 ක් ලකුණු 144 ක් තුළ දැවී ගියද, 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මජීඞ් හක් (31) සහ ඇලස්ඩොයාර් එවන්ස් (28) සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව දක්වා ඔසවා තැබූහ.

ස්කොට්ලන්ත පිලේ කිසිදු පිතිකරුවකුවට ලකුණු 35 සීමාව ඉක්මවා යෑමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

ඇෆ්ගනිස්තාන පිලේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ ෂපූර් සඞ්රාන් ලකුණු 38 කට කඩුලූ 4 ක් සහ දවුලත් සද්රාන් ලකුණු 29 කට කඩුලූ 3 ක් බැගින් දවාගනිමින් ස්කොට්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.

ස්කොට්ලන්තය -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 210
(කයිල් කොයෙට්සර් 25, මැට් මචන් 31, ප්‍රෙස්ටන් මොම්සන් 23, රිචී බෙරින්ටන් 25, මජීඞ් හක් 31, ඇලස්ඩොයාර් එවන්ස් 28, ෂපූර් සද්රාන් 38/4, දවුලත් සද්රාන් 29/3)

ඇෆ්ගනිස්තානය -  ඕවර 49.3 කදී කඩුලූ 9 ක් දැවී 211
(ජාවෙද් අහමදි 51, සමිවුල්ලා ෂෙන්වාරි 96, හමීඞ් හසන් නොදැවී 15, ෂපූර් සද්රාන් නොදැවී 12, රිචී බෙරින්ටන් 40/4, ඇලස්ඩොයාර් එවන්ස් 30/2, ජොෂ් ඬේවි 34/2)

036


අදහස් (0)

ඇෆ්ගනිස්තානයට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.