Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්ථාන - පාකිස්තාන එක්දින තරගාවලිය කල් දමයි

ඇෆ්ඝනිස්ථාන - පාකිස්තාන එක්දින තරගාවලිය කල් දමයි

editorial - 2021 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම හොඳ තත්වයක නොමැතිවීම හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී හමීඞ් ෂින්වාරි මහතා තහවුරු කළේය.

තරගාවලිය ලබන වසරේදී (2002) නැවත පැවැත්වීමට දෙරට ක්‍රිකට් මණ්ඩල සැලසුම් කරන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ට්විටර් පණිවුඩයක් තබමින් පැවසීය.

මෙම තරගාවලිය පළමුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූවත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සමගින් ඝට්ටනය වීම හේතුවෙන් හම්බන්තොටට මාරු කරන ලදී. නමුත් කාබුල් නුවර ගුවන් තොටුපොලෙන් වාණිජ ගුවන් ගමන් සිදු නොවීම නිසා ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් ගොඩබිමෙන් පාකිස්තානයටත්, අනතුරුව ගුවන් මගින් ඩුබායි නුවරටත්, පසුව ශ්‍රී ලංකාවටත් පිටත් කර යැවීමට මින් පෙර සැලසුම් කර තිබුණි. එහෙත් කොවිඞ් - 19 නියමයන් නිසා එය දැඩි අසීරූ කටයුත්තක් වීම හේතුවෙන් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට පෙරේදා (22 වැනිදා) තිරණය කෙරුණි.

”ඊයේ සවස් වන තුරුම අපි පාකිස්තානයේදී තරගාවලිය ක්‍රීඩා කිරීමට මූලික වශයෙන් එකඟ වූ අතර ඔවුන් ලබා දුන් සහයෝගය ගැන අපි පාකිස්තානයට ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් ෂින්වාරි මහතා පැවසීය.

”නමුත් සියලු තත්වයන්, විශේෂයෙන් අපේ ක්‍රීඩකයින්ගේ මානසික සූදානම සලකා බැලීමේදී, ඔවුන් සූදානම් නැති බව අපට පෙනී ගියා. ඔවුන්ගේ මානසික මට්ටම යථාතත්වය පත්වීමට අපට කාලයක් අවශ්‍ය වෙනවා”

”නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනවාද නැද්ද පිළිබඳව තීරණයක් ගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රමාණවත් කාලයක් අපට අහිමි වූ අතර දැන් කෙටි කාලයක් තුළ කිසිදු සූදානමකින් තොරව පාකිස්තානයේ සංචාරය කිරීමෙන් අපේ ක්‍රීඩකයින්ට වැඩක් වෙන්නේ නෑ. පකිස්ථානය හොඳ කණ්ඩායමක් වන අතර ඔවුන්ට එරෙහිව ඔවුන්ගේ රටේදී ක්‍රීඩා කිරීමට ඔබ සම්පූර්ණයෙන්ම සූදානම් විය යුතු අතර, අවාසනාවකට මෙන්, එසේ නොවන බැවින් එය දින නියමයක් නොමැතිව කල් දැමීමට අපි තීරණය කලා” යැයි ෂින්වාරි මහතා වැඩිදුරටත් පැවසීය.

- 2079


අදහස් (0)

ඇෆ්ඝනිස්ථාන - පාකිස්තාන එක්දින තරගාවලිය කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.