Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉතිරි තරග තුනම ප්‍රේක්‍ෂකයන් නැතිව

ඉතිරි තරග තුනම ප්‍රේක්‍ෂකයන් නැතිව

editorial - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන් වැඩිවීම හේතුවෙන් එංගලන්තය සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ ඉතිරි තරග ප්‍රේක්‍ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. ඒ අද (16), බ්‍රහස්පතින්දා (18) සහ සෙනසුරාදා (20) පැවැත්වෙන තරගවලදී ප්‍රේක්‍ෂකයන් 110,000 ක් දැමිය හැකි අහ්මදාබාද්හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ප්‍රේක්‍ෂකයන් ඇතුළු නොකෙරෙනු ඇත.

තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ සියලු තරග ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද්හිදී පැවැත්වෙන අතර මේ වනවිට තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට කණ්ඩායම් දෙක සමත්වී සිටිති.

පසුගිය සති දෙක තුළ ඉන්දියාවේ බොහෝ ප්‍රධාන නගරවල කොරෝනා රෝගීන් ඉහළ ගොස් ඇති බැවින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ පිළිබඳව වැඩි වැඩියෙන් කල්පනාකාරී වී තිබේ. ප්‍රාන්ත හා පළාත් සෞඛ්‍ය බලධාරීන් සමඟ සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇත.

”කොරෝනා වයිරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා පනවා ඇති සියලුම රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන අතර සෑම විටම එහි රසිකයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව ඉහළින්ම තැබීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කටයුතු කරනු ඇත” යයි එහි සඳහන් වේ. දෙසැම්බර් මස මැද භාගයේ සිට ඉන්දියාව පුරා සෑම දිනකම කොරෝනා රෝගීන් 25,000 ක් වාර්තා වන අතර සති අන්තයේදී එය තවත් වැඩිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය කණ්ඩායමකට කිසිදු බලපෑමක් ඇති නොකරන බවට විශ්වාසය කරන බව එංගලන්ත කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසීය.

ක්‍රීඩාංගණයේදී සෑම තරඟයක් සඳහාම ප්‍රවේශ පත්‍ර 55,000 ක් විකිණීමට ඇති අතර පළමු තරඟ දෙකේදී විශාල ප්‍රේක්‍ෂකයන් පිරිසක් දක්නට ලැබුණි. පළමු තරගයේදී ප්‍රේක්‍ෂකයන් 67,220 ක් සහ දෙවැනි තරගයේදී ප්‍රේක්‍ෂකයන් 66,352 ක් තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ ඇත.

- 2079

 


අදහස් (0)

ඉතිරි තරග තුනම ප්‍රේක්‍ෂකයන් නැතිව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.