Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විරාට් කෝලිගේ (නොදැවී 122) සහ ලෝකේෂ් රාහුල්ගේ (නොදැවී 111) සුපිරි පිතිහරඹයත්, කුල්දීප් යාදව්ගේ (25/5) විශිෂ්ඨ පන්දු යැවීමත් හමුවේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය යටතේ පාකිස්තානයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 228 දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව ලැබූ විශාලතම ජය ලෙසද මෙය වාර්තා අතරට එක්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 357 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 32 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. සිය එක්දින දිවියේ දෙවැනි හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ යාදව් ඕවර 8 ක් යවමින් ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගත්තේ පාකිස්තාන ඉනිම අඩපණ කරමිනි.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකණු ලාභියා වූ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පන්දු 50 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක් රැස්කළ අතර අගා සල්මාන් සහ ඉෆ්තිකර් අහමඩ් ලකුණු 23 බැගින් රැස්කළහ. ආබාධයන්ට ලක්වීම හේතුවෙන් පාකිස්තාන ඉනිමේ අවසන් පිතිකරුවන් දෙදෙනා වූ නසීම් ෂා සහ හාරිස් රවුෆ් පන්දුවට පහරදීම සඳහා පිටියට නොපැමිණියහ.
වර්ෂාව හේතුවෙන් ඊයේ (10 වැනිදා) රාත්‍රී 8.45 ට නතර කළ තරගය යළිත් අද පස්වරු 4.40 ට ආරම්භ කෙරුණු අතර ඒ වන විට ඉන්දියාව ඕවර 24.1 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය. තරගය යළිත් ආරම්භ වූ මොහොතේ සිට පාකිස්තාන පන්දු රකින්නන් වෙහෙසට පත්කළ කෝලි සහ රාහුල්, ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 356 ක් දක්වා ඔසවා තැබූහ.
ඔවුන් දෙදෙනා එක්ව මෙම තරගයේදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 194 කදී ගොඩනැගූ ලකුණු 233 ක නොබිඳුණ සම්බන්ධතාව එදා මෙදා තුර ආසියානු කුසලාන තරගාවලියක ඕනෑම කඩුල්ලක් සඳහා ඉන්දීය පිතිකරුවන් දෙදෙනකු එක්ව ගොඩනැගූ ඉහළම සම්බන්ධතාවද විය. පන්දු 106 කදී වාර්තා වූ රාහුල්ගේ 6 වැනි එක්දින ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය.
එහිදී පන්දු 94 කට මුහුණදුන් කෝලි හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලබාගත් ශතකය, ඔහුගේ 47 වැනි එක්දින ශතකය මෙන්ම 77 වැනි ජාත්‍යන්තර ශතකයද විය. මෙම ශතක ලබාගැනීමත් සමග එක්දින ලකුණු 13000 සිමාව පසුකර යෑමටද කෝලි සමත් වූ අතර මේ වන විට ඔහු වැඩිම ලකුණු ලබාගත් එක්දින පිතිකරුවන් අතර 5 වැනි ස්ථානයේ පසුවේ. සචින් ටෙන්ඩුල්කාර් (18,426), කුමාර් සංගක්කාර (14,234), රිකී පොන්ටින් (13,704) සහ සනත් ජයසූරිය (13,430) එම ලැයිස්තුවේ මුල් ස්ථාන 4 ට හිමිකම් කියති.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 121 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ නායක රෝහිත් ශර්මා (56) සහ ශුබ්මන් ගිල් (58) ඉන්දියාවට සාර්ථාක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 49 කට මුහුණදුන් ශර්මා හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 52 කදී වාර්තා වූ ගිල්ගේ අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය.
ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ෆාහිම් අෂ්රෆ් අතට උඩ පන්දුවක් දෙමින් ශර්මා දැවී යෑමත් සමග ඉන්දීය පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ ශුබ්මන් ගිල් දැවී ගියේ කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ආගා සල්මාන් අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි.
ලෝකේෂ් රාහුල්...
විරාට් කෝලි...
රෝහිත් ශර්මා...
ශුබ්මන් ගිල්...
ෆාකර් සාමන්...
අගා සල්මන් ....
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.