Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට දඩයක්

ඉන්දියාවට දඩයක්

editorial - 2022 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායමට එරෙහිව බර්මින්හැම් හිදි පැවැති පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී මන්දගාමී ඕවර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට දඬුවම් නියම වී තිබේ. ඒ අනුව මන්දගාමී ඕවර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් ටෙස්ට් ලෝක ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ලකුණු 2 ක් අඩු කිරීමටත්, ජස්ප්‍රිට් බුම්රාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 40% ක දඩයක් ද නියම කර තිබේ.

දඬුවම් ලකුණු 2 ක් ලැබීමත් සමගින් ඉන්දියාව අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හී පහතට වැටී ඇති අතර ඔවුන් අභිබවා පාකිස්තාන කණ්ඩායම ඉහළට පැමිණ ඇත. පාකිස්තාන කණ්ඩායම 52.38 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් හිමිකරගනිමින් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර 52.08 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් හිමිව ඇති ඉන්දියාව සිව්වැනි ස්ථානයට පත්විය.

කාල දීමනා සලකා බැලීමෙන් පසු පන්දු යැවීමේදී ඉන්දියාවට ඕවර දෙකක අඩුවක් තිබූ බවත්, ඒ හේතුවෙන් ඔවුන්ට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 40% ක දඩයක් ද, දඬුවම් ලකුණු 2 ක් ද හිමිවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ඊයේ (5 වැනිදා) නිකුත් කරන ලද නිල ප්‍රකාශයේ සඳහන් විය.

“ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහයකයන් සඳහා වන අයි.සී.සී. චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 20% ක දඩයක් නියම කෙරේ. ඊට අමතරව, අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ක්‍රීඩා කොන්දේසි 16.11.2 වගන්තියට අනුව, එක් කණ්ඩායමකට අඩුවන ඕවරයකටම එක් ලකුණක් බැගින් ද අහිමිවේ,”

“කාල දීමනා සැලකිල්ලට ගැනීමෙන් පසු ඉන්දියාවට ඕවර දෙකක් අඩු වූ බැවින්, ඔවුන්ට ලකුණු දෙකක දඬුවමක් නියම කරන ලදී. පිටියේ විනිසුරුවන් අලීම් ඩාර් සහ රිචඩ් කැට්ල්බරෝ, තුන්වන විනිසුරු මරායිස් එරස්මස් සහ සිව්වන විනිසුරු ඇලෙක්ස් වෝර්ෆ් විසින් මෙම චෝදනාව එල්ල කිරීමෙන් පසුව එමිරේට්ස් තරඟ තීරක මණ්ඩලයේ සාමාජික ඩේවිඩ් බූන් මහතා විසින් මෙම දඬුවම් පැනවීය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තය ලබාගත් ඉහළම සාර්ථක ලකුණු හඹායාම බර්මින්හැම්හිදී වාර්තා වූ අතර 4 වැනි ඉනිමේදී ලකුණු 378ක් හඹායමින් ඉන්දියාව කඩුලු 7කින් පරාජය කිරීමට සමත්විය.

මේ අතර ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. 2007 වසරේදී එංගලන්තයේදී සිය පළමු ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසුව ඉන්දියාවට එම දස්කම කිරීමට නොහැකි විය.

- 2079


අදහස් (0)

ඉන්දියාවට දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.