Last Update  :  2024-11-24 16:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට ලකුණු 280 ක ජයක්
චෙන්නායි ටෙස්ට් තරගය

ඉන්දියාවට ලකුණු 280 ක ජයක්

editorial - 2024 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 280 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (22 වැනිදා) සමත් විය. එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අශ්වින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 515 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 234 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අශ්වින් එහිදී ලකුණු 88 කට කඩුලු 6 ක් දවාගත් අතර ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රවින්ද්‍ර ජදේජා ලකුණු 58 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. 

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක නජ්මුල් හොසේන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 82 ක් රැස්කළ නමුත් සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම ඉනිම ප්‍රමාණවත් නොවීය. සාකිර් හසන් (33) සහ ශද්මන් ඉස්ලාම් (35) එක්ව ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. 

ලකුණු 227 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 287 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. එහිදී ශුබ්මන් ගිල් (නොදැවී 119) සහ රිෂාබ් පාන්ට් (109) ශතක ලබාගැනීමෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ. 

ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 376 

බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 149 

ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 287 
(ශුබ්මන් ගිල් නොදැවී 119, රිෂාබ් පාන්ට් 109, ලොකේෂ් රාහුල් 22, මෙහෙදි හසන් මිරාස් 103/2) 

බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 234 
(සාකිර් හසන් 33, ශද්මන් ඉස්ලාම් 35, නජ්මුල් හොසේන් 82, සකීබ් අල් හසන් 25, රවිචන්ද්‍රන් අශ්වින් 88/6, රවින්ද්‍ර ජදේජා 58/3) 

-036 


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 280 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.