Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව සුපිරි 4 දෙනාගේ වටයට
ආසියානු කුසලාන 2023

ඉන්දියාව සුපිරි 4 දෙනාගේ වටයට

editorial - 2023 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ නේපාලය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 3 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමටද ඉන්දියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව වර්ෂාව හේතුවෙන් ඕවර 2.1 ක් අවසානයේ තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 17 ක් ලබා සිටියේය. වර්ෂාව නිමාවී තරගය යළිත් ආරම්භ වන විට ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ඕවර 23 කදී ලකුණු 145 ක් බවට පත්විය.

පන්දු 17 ඉතිරිව තිබියදී කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර යෑමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූ අතර නායක රෝහිත් ශර්මා පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 74 ක්ද, ශුබ්මන් ගිල් පන්දු 62 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 67 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාලය ඕවර 48.2 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230 ක් ලබාගත්තේය. නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු අසීෆ් ෂෙයික් පන්දු 97 කින් ලකුණු 58 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. සෝම්පාල් කාමි පන්දු 56 කදී ලකුණු 48 ක්ද, කුෂාල් භූර්තෙල් පන්දු 25 කදී ලකුණු 38 ක්ද රැස්කළහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජදේජා සිය ඕවර 10 ලකුණු 40 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර නේපාල ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මොහොමඩ් සිරාජ් ලකුණු 61 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.


නේපාලය - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 230
(කුෂාල් භූර්තෙල් 38, අසීෆ් ෂෙයික් 58, ගුල්සෙන් ජා 23, දීපේන්ද්‍ර සිං 29, සෝම්පාල් කාමි 48, රවින්ද්‍ර ජදේජා 40/3, මොහොමඩ් සිරාජ් 61/3)

ඉන්දියාව - ඕවර 20.1 කදී කිසිවකු නොදැවී 147
(රෝහිත් ශර්මා නොදැවී 74, ශුබ්මන් ගිල් නොදැවී 67)

ආශිෆ් ෂේයික්...

 

සොම්පල් කැමි...

 

 

ශුබ්මන් ගිල්...

-036


අදහස් (0)

ඉන්දියාව සුපිරි 4 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.