Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය පිල අතර ධර්මශාලාහිදී ඊයේ (18 වැනිදා) පැවැති සිව්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 59 ක ජයක් වාර්තා කළ ඉන්දීය පිල, තරග 5 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත්විය.
තරගාවලියේ තෙවැනි එක්දින තරගය සුළි කුණාටුවක් හේතුවෙන් අත්හැර දැමීමට සිදුවූ අතර කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ කී‍්‍රඩකයන් අතර ඇතිවූ ගැටලූකාරී තත්ත්වයක් හේතුවෙන් පස්වැනි සහ අවසන් තරගය වර්ජයනය කිරීමට කොදෙව් කී‍්‍රඩකයෝ කි‍්‍රයා කළහ.
සිව්වැනි තරගය ජයගැනීම සඳහා ලකුණු 331 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට ඕවර 48.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 271 ක් පමණි.
එහිදී පන්දු 106 කට මුහුණ දෙමින් හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 112 ක් රැස්කිරීමට මාලන් සැමුවෙල්ස් සමත්වුවද, කොදෙව් පිල ජයග‍්‍රහණය කරා රැගෙන යාමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය. සැමුවෙල්ස් මෙම තරගාවලියේදී රැස්කළ දෙවැනි ශතකය මෙය විය.
කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ නායක ඞ්වේන් බ‍්‍රාවෝගේ ආරාධනයෙන් පන්දුවෙන් පහරදුන් ඉන්දීය පිල, නියමිත ඕවර 50 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 330 ක් ලබාගත්තේය.
එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 127 ක් රැස්කළ විරාත් කෝලි තරගයේ වීරයා බවට පත්විය. ඔහුගේ වේගවත් ශතකයට වැය වූයේ පන්දු 114 ක් පමණි.
එහිදී සුරේෂ් රයිනා (71) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 108 කදී ලකුණු 138 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝලි සමත්විය.
ඉන්දීය පිල - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 330
(අජන්ක්‍යා රහනේ 68, ශිකර් ධවාන් 35, විරාත් කෝලි 127, සුරේෂ් රයිනා 71)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 271
(ඞ්වේන් බ‍්‍රාවෝ 40, මාලන් සැමුවෙල්ස් 112, ඩැරන් සැමී 16, ඇන්ඩි‍්‍ර රසල් 46, බුවනේෂ්වර් කුමාර් 25/2, අක්ෂර් පටේල් 26/2, උමේෂ් යාදව් 44/2, මෙහොමඞ් සාමි 72/2, රවින්ද්‍ර ජදේජා 80/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.