Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය පිල අතර දිල්ලිහි ෆෙරෝස්ශා කෝට්ලා කී‍්‍රඩාංගණයේදී පෙරේදා (11 වැනිදා) පැවැති එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය පිල සමත්විය.
ඒ සමගම තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඔවුහු සමත්වූහ. ජයග‍්‍රහණය සඳහා ලකුණු 264 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට ඕවර 46.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 215 ක් පමණි.
එහිදී පන්දු 97 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 97 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු ඞ්වේන් ස්මිත් සමත්වුවද, කොදෙව් පිල ජයග‍්‍රහණය කරා රැගෙන යාමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.
ලකුණු 36 කට කොදෙව් පිලේ කඩුලූ 4 ක් දවාගත් මොහොමඞ් සාමි, තරගයේ වීරයා බවට පත්විය. දඟ පන්දු යවන කී‍්‍රඩක රවින්ද්‍ර ජදේජා ලකුණු 44 කට කඩුලූ 3 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනා පන්දුවෙන් පහරදුන් ඉන්දීය පිල නියමිත ඕවර 50 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 263 ක් ලබාගත්තේය.
විරාත් කෝලි (62), සුරේෂ් රයිනා (62) සහ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 51) අර්ධ ශතක රැස්කරමින් ඉන්දීය පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට විරාත් කෝලි සහ සුරේෂ් රයිනා සමත්වූහ.
ඉන්දීය පිල - ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 263
(අම්බටි රයිඩු 32, විරාත් කෝලි 62, සුරේෂ් රයිනා 62, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 51, බුවනේෂ්වර් කුමාර් 18, ජෙරම් ටේලර් 54/3)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 215
(ඞ්වේන් ස්මිත් 97, ඞ්වේන් බ‍්‍රාවෝ 26, කිරන් පොලාඞ් 40, මාලන් සැමුවෙල්ස් 16, මොහොමඞ් සාමි 36/4, රවින්ද්‍ර ජදේජා 44/3, අමිත් මිශ්රා 40/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.