Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව ලකුණු 130 කින් දකුණු අප‍්‍රිකාව පරදවයි

ඉන්දියාව ලකුණු 130 කින් දකුණු අප‍්‍රිකාව පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 13 වැනි තරගය ලෙස ‘බී’ කාණ්ඩයේ දකුණු අප‍්‍රිකාව සහ ඉන්දියාව අතර මෙල්බන්හිදී අද (22) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රී) ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 130 කින් ජය ලැබූහ.

ඉන්දියාව මෙම ජයග‍්‍රහණයත් සමඟ තරග දෙකම ජය ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණියේය.
 
ඉන්දීය පන්දු යවන්නෝ ලකුණු 308 ක ඉලක්කය හඹාගිය දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 40.2 කදී ලකුණු 177 කට සීමා කිරීමට සමත් වූහ. 

දකුණු අප‍්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆෆ් ඩූ ප්ලීසිස් පන්දු 71 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 55 ක් ලබා ගත්තේය. 

නායක ඒ. බී. ඩිවිලියස් ලකුණු 30 ක් ලබා සිටියදී දුවද්දී දැවි යෑමෙන් දකුණු අප‍්‍රිකානු පිල සසල විය. 

හෂීම් අම්ලා පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. 

දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරු කුවින්ටන් ඩූ කොක් ලකුණු 7 කට දැවී ගියේය. 

ශීකර් දවාන් පන්දු 146 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 137 ක් රැස්කළේය. මෙය දවාන්ගේ එක්දින දිවියේ 7 වැනි එක්දින ශතකය මෙන්ම ඉහළතම එක්දින ලකුණු සංඛ්‍යාව ද වේ.

අජික්න්‍යා රහනේ පන්දු 60 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 79 ක් රැස් කළේය.
  
ශීකර් දවාන් සහ අජික්න්‍යා රහනේ තෙවැනි කඩුල්ලට පන්දු 99 කදී වේගවත් ලකුණු 125 ක සම්බන්ධතාවක් පවත්විමන් මෙම ලකුණු සංඛ්‍යාව දක්වා යෑමට පදනම දැමූහ. 

ශීකර් දවාන් සහ විරාට් කෝලි දෙවැනි කඩුල්ලට පන්දු 146 කදී ලකුණු 127 ක සම්බන්ධතාවක් පවත්වමින් දකුණු අප‍්‍රිකාව නොසිතූ තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා (0)පළමු කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේය.  

ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 

ඉන්දීය පිල පාකිස්තානයට එරෙහිව ක‍්‍රීඩා කළ කණ්ඩායම වෙනසකින් තොරව ක‍්‍රීඩා කරන අතර දකුණු අප‍්‍රිකානු පිලේ ෆර්හාන් බිහර්ඞීන් වෙනුවෙන් වේන් පර්නෙල් කැදවා සිටියේය.

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලූ 7 ට 307 
(ශීකර් දවාන් 137, විරාට් කෝලි 46, අජික්න්‍යා රහනේ 79, මහේන්ද්‍ර සිං දෝනි 18, මොනේ මොර්කල් 59/2)

දකුණු අප‍්‍රිකානු පිල - ඕවර 40.2 කදී සියලූ දෙනා දැවී 177 
(හෂීම් අම්ලා 22, ෆෆ් ඩූ ප්ලීසිස් 55, ඒ. බී. ඩිවිලියස් 30, ඬේවිඞ් මිලර් 22, වේන් පර්නෙල් නොදැවී 17, මොහොමඞ් ශාමි 30/2, මොහිට් ශර්මා 31/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 41/3)  

-048


අදහස් (0)

ඉන්දියාව ලකුණු 130 කින් දකුණු අප‍්‍රිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.