Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව කඩුලූ 8 කින් අයර්ලන්තය පරදවයි

ඉන්දියාව කඩුලූ 8 කින් අයර්ලන්තය පරදවයි

ශනුක අරවින්ද - 2015 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 34 වැනි තරගය ලෙස ඉන්දියාව සහ අයර්ලන්තය අතර අද (10 වැනිදා) හැමිල්ටන්හිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කී‍්‍රඩකයෝ  ඕවර 36.5 ක් අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ඉන්දීය පිලේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 70 නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ විරාට් කෝලි (නොදැවී 44) සහ අජන්ක්‍යා රහනේ (නොදැවී 33) සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 140 කදී ලකුණු 174 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ රෝහිත් ශර්මා (64) සහ ශිකර් ධවාන් (100) ඉන්දීය පිලේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.

එහිදී පන්දු 85 කින් වාර්තා වූ ශිකර් ධවාන්ගේ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් වූ අතර පන්දු 66 කින් වාර්තා වූ රෝහිත් ශර්මාගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය  ඕවර 49 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 259 ක් ලබා ගත්තේය.

අයර්ලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නීල්   ඕ’බ‍්‍රයන් පන්දු 75 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට සමත් විය.

අද දිනයේදී සිය 11 වැනි අර්ධ ශතකය (67) ලබාගැනීමට අයර්ලන්ත පිලේ නායක විලියම් පොටර්ෆීල්ඞ් සමත් වූ අතර පන්දු 93 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් අතුළත් විය.

පොටර්ෆීල්ඞ් සහ පෝල් ස්ටෙයාර්ලින් (42) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනගමින් අයර්ලන්ත පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවී යෑම අයර්ලන්ත පිලට විශාල පාඩුවක් විය.

අයර්ලන්තය - ඕවර 49 කදී සියලූ දෙනා දැවී 259
(විලියම් පොටර්ෆීල්ඞ් 67, පෝල් ස්ටෙයාර්ලින් 42, නීල්   ඕ’බ‍්‍රයන් නොදැවී 75, ඇන්ඩි බල්බයින් 24, මොහොමඞ් සාමි 41/3, රවිචන්ද්‍රන් අශ්වින් 38/2)

ඉන්දියාව - ඕවර 36.5 කදී කඩුලූ 2 ක් දැවී 260
(රෝහිත් ශර්මා 64, ශිකර් ධවාන් 100, විරාට් කෝලි නොදැවී 44, අජන්ක්‍යා රහනේ නොදැවී 33, ස්ටුවට් තොම්සන් 45/2)

-036

 


අදහස් (1)

ඉන්දියාව කඩුලූ 8 කින් අයර්ලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.