Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතන විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඉසිපතන විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

එහිදී ඉසිපතන විදුහලේ රුවිදු රත්නායක (81), ලෙෂාන් අමරසිංහ (69) සහ සවිඳු උත්සර (51) අර්ධ ශතක ලබාගත් අතර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ කසුන් එදිරිතිලක සහ ශෂික බස්නායක කඩුලු 5 බැගින් දවාගත්හ.

ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 78 කදී සියලු දෙනා දැවී 253
(රුවිදු රත්නායක 81, ලෙෂාන් අමරසිංහ 69, කසුන් එදිරිතිලක 72/5)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 54.5 කදී සියලු දෙනා දැවී 183
(චරිත් රාජගුරු 33, නිෂාන්ත ජයවර්ධන 32, කසුන් එදිරිතිලක 25, අභිෂේක් කුමාර් 21, නවීන් බණ්ඩාර 21, සවිඳු උත්සර 37/4, දිනත් දිසානායක 31/2, සිතූප ගුණවර්ධන 41/2)

ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 8 ක් දැවී 142
(සවිඳු උත්සර 51, සතිර කඹුරවල 36, ශෂික බස්නායක 23/5, නිෂාන්ත ජයවර්ධන 18/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 17 කදී කඩුල්ල දැවී 27

-036


අදහස් (0)

ඉසිපතන විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.