Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව අද (29) පැවැත්වෙන විස්සයි 20 තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරැ උදාන ක්‍රීඩා නොකරන බව වාර්තාවේ. ආබාධයක් හේතුවෙන් ඉසුරැ අද තරගයට ක්‍රීඩා නොකරන බව දැනගන්නට ලැබේ.
ඔහු වෙනුවට ධනංජය ලක්ෂාන් හෝ ඉෂාන් ජයරත්න කණ්ඩායමට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
තරගාවලියේ පළමු තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 38 ක ජයක් අත්කරගත් අතර දෙවැනි තරගය කඩුලු 4 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය සම කළේය. අද පැවැත්වෙන තීරණාත්මක තරගයේදී ජයගන්න කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමිවනු ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වැනි හා අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය අද (29) රාත්‍රී 8 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
- 535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.